හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ආසන්නයේ දී විදෙස් යුවලක් ගමන්ගත් රථයකට වන අලියකු පහර දී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
අද (03) දහල් මෙම පහරදීම සිදුව ඇති අතර ඉන් කිසිවෙකුට තුවාල සිදුව නැත.
යුක්රේන ජාතික යුවළක් කාරයකින් පොළොන්නරුව දෙසට යමින් සිටිය දී මාර්ගයේ සිටි වන අලියා දැක නතර කර ඡායාරූප ගෙන ඇත. ඔවුන් දුටු වන අලියා රථය දෙසට එන බව දුටු යුවළ බියට පත්ව රථයෙන් ඉවතට පැන දිවගොස් ඇති අතර අලියා රථයට පහර දී අලාභ හානි සිදුකර තිබේ.
එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ ටිපර් රථයක් එහි නලාව නාද කර අලියා පළවාහැර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
විදේශීය යුවළ තන් නවාතැන්ගෙන සිටි හෝටලයට ගොස් ඇති අතර කාරය මින්නේරිය පොලිසියට ගෙන ගොස් තිබේ.



