අවිස්සාවේල්ල දුන්කළහේන ප්‍රදේශයේ තීන්ත සහ ටිනර් කර්මාන්තශාලාවක ගින්නක් හටගත් බව පොලිසිය කියයි.
මෙම ගින්න අද (03) සවස 1.30ට පමණ සිදුව ඇති අතර ගින්න හේතුවෙන් පිපිරීම් ගණනාවක් සිදුව ඇති බව ද පැවසේ. කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ සහ හංවැල්ල පොලිසිය ගින්න නිවා දැමීමට කටයුතු කර තිබිණි.



