හැකි ඉක්මණින් මැතිවරණයකට යාමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. තමන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට සූදානම් බවත් හෙතෙම කීවේය.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව පැවැත්වීමට සිදුවන බැවින් එය ඉක්මන් කළ නොහැකි බවත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට ගැටලු රැසක් ඇති බැවින්, හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මැතිවරණයක් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මැතිවරණ ප්‍රචාරක රැස්වීම 09 වැනි දා අනුරාධපුර නගරයේ දී පැවැත්වෙන බව ද හෙතෙම කීවේය. ඔහු පවසන්නේ පළාත් 05ක දැනටමත් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි. එමෙන් ම ගම් මට්ටමින් කාන්තා සමිති බලගැන්වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වන බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.



