-5.9 C
New York

ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

Published:

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා, අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කරයි.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහු මෙලස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු දංකොටුව වලව්වත්තේ පදිංචි 23 හැවිරිදි අයෙකි.

සැකකරු නීතිඥයකු මාර්ගයෙන් අද අලුයම රාගම පොලිසියට පැමිණ භාරවීමෙන් පසු මෙලසෙ අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ ඔහු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනකු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් 05 දෙනකු රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි.

Related articles

Recent articles

spot_img