-5.9 C
New York

විශේෂ අධිභාර මූල්‍ය පනත කෙරෙහි ආයෝජකයන්ගේ අවදානය

Published:

විශේෂ අධිභාර මූල්‍ය පනත ජනවාරි 31 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත වී තිබේ. එම පනත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිත අතර එම පනත සම්මතවීම කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා ද යම් තරමකින් බලපෑමට ඉඩ ඇති බව අයෝජකයෝ කියති. එබැවි කොළඹ කොටස් වෙළෙද පොළ ආයෝජකයෝ එම පනත පිළිබඳ දැඩි අවදානයක් යොමුකර තිබේ.

මේ අතර සයිප්‍රස් රාජ්‍යය මගින් මාස හයක ණය පදනම යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා බොරතෙල් බැරල් 450,000ක් ලබා දීමට එකඟතාව පළකර ඇති බැවින් විදුලි අර්බුදයට එය යම් තරමක අස්වැසිල්ලක් වනු ඇත. එම කරුණ ද කොටස් වෙළෙඳ පොළ ඉදිරි දින කිහිපයේ වර්ධනය වීමට හේතුවක් වනු ඇත.

අද (02) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 66,601ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිිලයන 8,930ක් ලෙස වාර්තාවිය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක -338කින් පහළ ගොස් දිනය අවසානයේ 12,584ක් ලෙස සටහන්ව තිබිණි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,283
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 876
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 588

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 44
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 35
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 23

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඇග්ස්ටා පොහොර සමාගම ( R )  99%
  • සිංහ පුත්‍ර ෆිනෑන්ස් සමාගම (පී) 23%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 614
  • එල්ඕඑල්සී සමාගම බිලියන 531
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 219

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගමේ කොටස් 120,000ක් රුපියල් 180.00 බැගින්
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් ‍සමාමේ කොටස් ලක්ෂ 08ක් රුපියල් 28.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගමේ කොටස් ලක්ෂ 05ක් රුපියල් 59.00 බැගින්
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) කොටස් ලක්ෂයක් රුපියල් 1,450.00 බැගින්

විදේශීය ආයෝජකයන් විසින් අද (01) දිනයේ රුපියල් මිලියන 113ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 161ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදල් රුපියල් මිලියන 48ක් විදේශ ආයෝජකයන් විසින් ඉවත්කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 35
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 07
  • ලංකා ලුබ්‍රිකන්ට්ස් සමාගම රුපියල් මිලියන 05
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 04
  • ඩිප්ට් ප්‍රඩක්ට් සමාගගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • සොෆ්ට් ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 19
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 19
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 16
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 14
  • සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම රුපියල් මිලියන 13

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img