ඔවුන් බ්රෙවුට්වලින් නික්මෙන විට පස්වන පටුමග හිරු එළියේ දිසිසෙමින් තිබිණ. ඒ පෙබරවාරිය වුවත්, හිරුරැස් උණුසුම් සහගත විය. බස්රිය ද මනාව හැඳ පැළඳගත් ජෝඩු ද, කවුළු ආවෘත නිසල ගොඩනැගිලි ද යනාදියෙන් සෑම අතක ම ඉරිදා උදෑසනක සිරි දිස්විණ.
අව්වේ ම වොෂින්ටන් චතුරශ්‍රය දෙසට යමින් සිටිය දී මයිකල්, ෆ්‍රාන්ස්ගේ බාහුව තදින් ග්‍රහණය කර ගනිමින් සිටියේය. ඔවුහු රිසිසේ සිනාසෙමින් සැහැල්ලුවෙන් ගියෝය. මන්දයත් එදා ඉරිදාවක් වූ බැවනි් ද දහවල් වනතෙක් නිදාගත් බැවින් හා යහපත් පාතරාසයක් භුක්ති වින්ද බැවින් ද වීය. මුදු පවනක පහස සිය සිරුර වටා එතෙන සේ මයිකල් සිය කබායේ බොත්තම් ගලවා දැමීය.
“ප්‍රවේශමෙන් ඔවුන් අටවන වීදිය හරහා යද්දී ෆ්‍රාන්සස් කීවාය.
“ඔයාගේ බෙල්ල කැඩිල යයි”
මයිකල් සිනාසුනේය. ෆ්‍රාන්සස් ද ඔහු හා එක්ව සිනාසුනාය.
“එයා ඒ තරම් ලස්සන නෑ” ඕ කීවාය. කොහොම වුණත් ඔයාගේ බෙල්ල කඩාගන්න තරං ලස්සන නෑ”
මයිකල් නැවත සිනාසුනේය.
“ඔයා කොහොමද දන්නේ මං ඒකි දිහාව බලපු විත්තිය ?”
ෆ්‍රාන්සස් සිය හිස්වැස්මේ වාටියේ එක් පැත්තක් මදක් ඔසවා හිස සලා සිය සැමියා දෙස බලා මද සිනා පා “මයික් ඩාලිං” යැයි කීවාය.
“ඕකේ” හේ කීය. “එක්ස්කියුස් මී”
ෆ්‍රාන්සස් ඔහුගේ බාහුවට සෙමෙන් තට්ටු කර වොෂින්ටන් චතුරශ්‍රය දෙසට සෙමෙන් ඔහු ඇදගෙන ගියාය.
“අපි අද දවසෙම වෙන කාටවත් දකින්නේ නැතිව ඉමු” ඕ කීවාය.
“අපි අද අපි දෙන්නගෙනම ඇලිල ඉදිමු. ඔයයි මායි අපි හැම තිස්සෙම අනිත් මිනිස්සුත් එක්ක එක්කෝ අනිත් අයගේ පාටිවලට අපි යනවා. නැත්නම් අපි අනිත් අයට පාටි දානවා. අපි දෙන්න අපි දෙන්නව දකින්නේ නිදාගන්න ගියාම විතරයි. මට ඕන මගේ මනුස්සයත් එක්ක මුළු දවස පුරාම ඇවිදගෙන යන්න. මට ඕන එයා මාත් එක්ක විතරක් කතා කරන්න. මං කියන දේට විතරක් අහුංකං දෙන්න.”
“ඉතිං මොකක් ද ඒකට බාධාව ?”
“අර ස්ටීවන්සන්ලා. ඒගෝලල අපේ පැත්තේ කඩා පාත්වේවි එකට විතර. ඇවිල්ල ගම් පළාතට අපිපව ඇදගෙන යාවි.”
“ස්ටීවන්සන්ල හරි අපූරු මිනිස්සු හරි විවෘතයි”
“ඒ අයට පුළුවන්නේ තිනයම ගම් පළාතට යන්න.”
“ඒක අපි දෙන්නට ප්‍රීතිමත් සංචාරයක් වෙයි ද ?”
“ඔව්. එහෙම”
ෆ්‍රාන්සස් ඔහු වෙත ඇලවී ඔහුගේ කන්පෙත්ත සිපගත්තාය. “ඩාලිං” මයිකල් කීවේය. “මේ ෆිෆ්ත් ඇවනියු එක”
“මට ඉඩදෙන්නකෝ ප්‍රෝග්‍රෑම් එකක් ඇරෙන්ජ් කරන්න” ෆ්‍රාන්ස් කීවාය.
“ප්ලෑන් කරපු සන්ඩේ එකක්. නිව්යෝක්වල සල්ලි තයෙන තරුණ ජෝඩුවකට”
“ප්‍රවේශමෙන්”
“මුලින් ම අපි මෙට්‍රොපොලිටන් ආට්ස් මියුසියම් එකට යමු.” ෆ්‍රාන්සස් යෝජනා කළාය. මන්දයත්, යන්නට ඕනෑ යයි ඔහු කියමින් සිටි බැවිනි.
“මට අවුරුදු තුනකින් ඒ පැත්තේ යන්න බැරි වුණා.”
අඩුගානේ තව පාරක්වත් බලන්න වටින චිත්‍ර දහයක්වත් එතැන තියෙනවා. ඊට පස්සේ අපිට රේඩියෝ සිටිවලට බස් එකකි යන්න පුළුවන් ස්කේට් කරනවා බනලන්න. ඊට පස්සේ අපි දෙන්න කැවනාස් එකට ගිහිල්ල ලොකුම ලොකු ස්ටෙක් එක්ක වයින් බෝතලේකුත් එකක් ගන්නව. ඊට පස්සේ අපි ෆිල්මාට් එකට ගිහිල්ල හැම දෙනාම හොඳයි කියන ප්‍රංශෙ කියන්න ඔයා අහගෙන ද ඉන්නේ ?”
“ෂුවර්” හේ කීය.
ඔහු තමා පසුකරගෙන යමින් සිටි, හිස් වැස්මක් නොපැළඳි සිය හිසකේ හෙල්මටයක් සේ පෙනෙනයුරු නළඟන – විලාසිතාවට කපා සකස්කොට සිටි තරුණියගෙන් නෙත් ඉවතට ගනිමින් තෙපළේය.
“ඒක තමයි අද දවසේ ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් ඔයාට ෆිෆ්ත් ඇවනියු එකේ දැන් වගේ ඉහළට පහළට යන්නත් පුළුවන්.”
“නෑ” මහිකල් කීය. “කොහොමටවත් නෑ.”
“ඔයා හැමතිස්සෙම වෙන ගෑනු දිහා බලනවා” ෆ්‍රාන්සස් කීවාය.
“මං හැම දෙයක් දිහාම බලනවා. දෙවියන් වහන්සේ මට ඇස් දෙකක් දීල තියෙනවා. මං ගෑනු මිනිස්සු දිහා බනවා. කුඹුරුවල පිපෛන පුංචි මල් දිහා. ඉඳහිට විශ්වය දිහා සෝදිසි කරල බලනවා.”
“ඔයාගෙ ඇස්වලින් දකින්න පුළුවන් ඒක” ෆ්‍රාන්ස් කීවාය.
“ඔයා ෆිෆ්ත් ඇවනියු එකේ ඉඳහිට විශ්වය සෝදිසි කරල බලන විදිය”
“මං හොඳ සන්තෝසජනක විවාහයක් ගත කරන කෙනෙක්” මයිකල් ඇගේ වැලමිට මොළොක්ව තෙරපමින් කීය.
“අද ලස්සන දවසක්. අපි දෙන්නටම සතුටක් දැනෙනව. ඉතිං අපිප ඒක විනාශ කරගන්න හේතුවක් නෑනේ. අපි හොඳ ඉරිදා දවසක් ගත කරමු.”
උග්‍ර හැඟීමෙන් යුතුව අත් අල්ලාගෙන ළදරුවන් සහිත කුඩා ළමා කරත්ත ද, සිය ඉරිදා ඇඳුම් ඇඳගත් වයසක ඉතාලි මිනිසුන් ද ස්කොට්වරුන් කැටුව යන තරුණ ගැහැනුන් ද අතරිනන් වොෂිංටන් චතුරශ්‍ර උද්‍යානය තුළ කතා නැතිව ගමන් කළාහුය.
“ඕනෙම කෙනෙක් අවුරුද්දකට සැරයක්වත් මෙට්‍රොපොලිටන් ආට්ස් මියුසියම් එකට යා යුතුමයි.” මොහොතකට පසු ෆ්‍රාන්සස් ඇගේ මුල් ස්වරයෙන් ම කීවාය. ඒ ඇය උදේ ආහාර ගන්නා විටත් ගමන අරඹන විටත් තිබූ කටහඬම විය.
“ඒක ලස්සන දවසක් වෙයි. එතන චිත්‍ර නරඹන කට්ටිය ගොඩක් ඉන්නවා. ඔයාට හැඟීමක් ඇතිවෙයි නිව්යෝක් නගරෙ චිත්‍ර කලාව එතරම් පිරිහිල නැතෙයි කියල”
“මට ඕන ඔයාට යමක් කියන්න” මයිකල් බොහෝ ගාම්භීර ලෙස පැවසීය.
“මං වෙනිං ගෑණියෙකුව ටච් කරලවත් නෑ. පහුගිය අවුරුදු පහටම එක පාරක්වත්.”
“ඔව් ඔක්කොම හරි” ෆ්‍රාන්සස් කීවාය.
“ඔයා ඒක විශ්වාස කරනවා නේද ?”
“ඔව් හරි.”
ඔවුහු රුක් ගොමු වෙණේ තබා තිබූ සෙනගින් පිරී ගිය බංකු අතරින් ඉදිරියට ඇවිද ගියාහුය.
“මං ඒක නෝටිස් කරන්න එච්චර ට්‍රයි කළේ නෑ” ෆ්‍රාන්සස් කීවාය.
“ඒත් මගේ ඇඟ ඇතුළෙ අපහසුවක් දැනෙනවා මගේ බඩේ. අපි ගෑනියකුව පහුකරගෙන යනකොට, ඔයා ඒ ගෑනි දිහා බලනකොට මං ඔයාගේ ඇස්වල දකින්නේ අර එදා ඔයා මාව දැකපු මුල් දවසෙ ඔයාගේ ඇස්වල තිබුණු බැල්මමයි. ඇලිස් මැක්ස්වෙල්ලගේ දිහා සාලෙ රේඩියෝ සෙට් එක ළඟ, කොළපාට තොප්පියකුත් දාගෙන”
“මට තොප්පිය මතයි.”
“ඒ බැල්මමයි” ෆ්‍රාන්සස් කීවාය.
“මාව අසහනයට පත්කරන්නෙත් ඒ ැල්මයි. ඒකෙන් මට දරුණනු හැඟීම් ඇතිවෙනවා.”
“ෂ්… ෂ්… ප්ලීස් ඩාලිං ප්ලීස්”
“මට හිතෙන්නෙ මං දැං බොන්න ඕන කියලයි.” ෆ්‍රාන්සස් කීවාය.
ඔවුහු නොදොඩාම ඊංග්‍රීසි විථියේ අවන්හලකට ගොඩවූහ. මයිකල් පාර මාරුවන ස්ථානයේ සලකුණු කොටා ඇති ගල් ආස්තරණය මත දී නොසිතාම ඇගේ අත ගෙන පසුකරගෙන යන වාහනවලින් ආරක්ෂා වී යන්නට ඇයට උදව් කෙළ්ය. උහු අවන්හල තුළ ජනේලයක් අසළ හිඳ ගත්හ. හිරු රැස්ධාරා ඇතුළට වැටෙමින් තිබිණ. ගිනි උදුනේ උද්යෝගයක් දනවන සුළු කුඩා ගිනිදැල් නැගිණ. එතරම් උස්මහත් නුවූ ජපන් වේටරයෙක් පැමිණ ප්‍රිට්සේස් බඳුනක් ඔවුන් ඉදිරියේ තබා සතුටු සිනා පෑය.
මොනවද ඔයා උදේ කෑමට පස්සේ ඕඩර් කරන්නේ?” මයිකල් ඇසීය.
Pretzels (ලුණු යෙදූ කුඩා විස්කෝතු වර්ගයක්)
“මං හිතන්නේ බ්‍රැන්ඩි”
“කෝවොසිය” මයිකල් වේටර්ට කීය.
“කෝවොසිය දෙකක්”
වේටර් ඒවා ගෙනවුත් දුන් අතර, ඔවුහු හිරු එළියේ බ්‍රැන්ඩි බොමින් අසුන්ගෙන සිටියහ. මහිකල් ඔහුගේ වීදුරුවෙන් අඩක් පානය කර වතුර උගුරක් බීවේය.
“මං ගෑනු දිහා බලනව” හේ කීය.
“ඇත්ත. මං කියන් නෑ ඒක හරිද වැරදිද කියල. මං උං දිහා බලනව. පාරෙදි මාව පහුකරල යන ගෑනු දිහා මං බලන්නෙ නැත්නම් මං ඔයාව මෝඩය කරනව. මං මාවත් මෝඩය කරගන්නව.”
“ඔයා උන් දිහා බලන්නෙ ඔයාට උන් ඕන නිසයි” සිය බ්‍රැන්ඩි වීදුරුව සෙමෙන් අතගාමින් ෆ්‍රාන්සස් කීවාය.
“හැම එකීවම එක විදිහකට.” මයිකල් මෘදුව සිය බිරිඳටම නොවූව ද එසේ කීය.
“එක විදියකට ඒක ඇත්ත. ඒ වගේ මොකවත් මං කරන් නෑ. ඒත් ඒක ඇත්ත.”
“ඒක මං දන්නව. ඒකනෙ මට නරක දැනෙන්නෙ.”
“තව බ්‍රැන්ඩි” මයිකල් අඬ ගැසීය. “වේටර් තව බ්‍රැන්ඩි දෙකක්” ඔහු සුසුම් ලා දෑස් කසා ඒවා සිය ඇඟිලි තුඩගින් පිසලීය.
“මං ආසයි ගෑනු යන විදිහ බලයන්න. නිව්යෝක්වලට මං ආස එක හේතුවක් තමයි බැටෑලියන් ගනං ගෑනු ඉන්න එක. මං ඔහියෝවල ඉඳල නිව්යේාර්ක්වලට ආපු මුල් දවස්වල මං නෝටිස් කරපු පළවෙනි දේ තමයි නගරෙ පුරාම හැමතැනම විසිරිල හිටපු මිලියන් ගණන් ගෑනු. මං ඇවිදගෙන ගියේ මගේ හදවත උගුර ළඟට එන තරං සතුටිං”
“පුංචි එකෙක්”
ෆ්‍රාන්සස් කීවාය. “ඒ පුංචි එකෙකුගේ හැඟීම්”
“නිකං හිතන්නකෝ” මයිකල් කීය.
“ආයමෙත් නිකං ගෙස් කරන්න මං දැං වයසයි. මං දැං මැදිවියට ආසන්න මිනිහෙක්. ඇඟත් ටිකක් ආරලා. ඒ වගේම මං කැමතියි හවස තුනට ෆිෆ්ත් ඇවනියු එකේ, නැගෙනහිර පැත්තෙ පනස්වෙනි පාරයි පනස් හත්වෙනි පාරයි අතර ඇවිදගෙන යන්න එතකොට හැමෝම එළියෙ. ඒ අයගෙ ලොම් ඇඳුම් ඇඳගෙන අර පිස්සු තොප්පි දාගෙන. මුළු ලෝකෙම තියෙන හැමදෙයක් ම ඒ බ්ලොක් හතේ හොඳම, ඉස්තරම්ම ෆර්ස් (ලොම් කබා) ඉස්තරම්ම ඇඳුම්, හැඩ වැඩ ඇති ගෑනු. පිට ගිහිල්ල සල්ලි වියදම් රකල ඒ ගැන සතුටු වෙන අය.” මේ අතර ජපන් වේටර් තැන මහත් සතුටින් සානාසෙමින් වීදුරු දෙක තැබීය.
“හැම දෙයක් ම හරි?” හේ ඇසීය
“හැම දෙයක් ම හරි පුදුමයි.” මයිකල් කීය.
“ඒක මේ ෆර් කෝට්ස් දෙකක්” ෆ්‍රාන්සස් කීවාය.
“ඒත් එක්කම ඩොලර් හතලිස් පහේ තොප්පි දෙකක්.”
“ඒක ෆර් කෝට්ස්ම, නැත්තං හැට්ස් ම නෙවෙයි. ඒ එක්තරා විශේෂ ගෑනු වර්ගයකට වෙන්වුණු සීනරි එක්ක තේරුණා ද ?” හේ කීය.
“ඔයා මේක අහන්න ඕන නෑ.”
“මට අහන්න ඕන”
“මං ආසයි කන්තෝරුවල ඉන්න කෙල්ලන්ට, ස්පෙක්ස් දාපු නීට්, ස්මාට්, කෙට්ටු, හැම දෙයක් ගැනම දැනුමක් තියෙන. මං ආසයි හතලිස් පස්වෙනි වීදියේ කෙල්ලන්ට, ලන්ච් වෙලාවෙදි, සතිය පුරාම කිසිම වෙනස්කමක් නැතිව සැරසිල ඉන්න නිළියො. මං කැමතියි ගෑනු කස්ටමස්ලට පොඩ්ඩක් පැත්තකිං ඉන්න ඇරල පිරිමි කස්ටමස්ලට මුල්තැන දෙන සේල්ස් ගර්ල්ස්ලට. මේ වල්පල් හැම එකක්ම අවුරදුු දහයක් තිස්සෙ මං ඔළුවෙ ගොඩ ගහගෙන හිටිය. මොකද දන්නවද මං ඒව ගැන නිතරම හිතමින් හිටපු නිසා. දැං ඔයා ඉතිං ඒ ගැන ඇහුවනෙ. මේ ඉතිං ඒව තමයි.”
“කියාගෙන යන්නකෝ”
“මං නිව්යෝර්ක් ගැන හිතනකොට කෙල්ලෝ එකම පැරේඩ් එකක තියල හිතනව. මං දන්නෑ මගේ විතරක් විශේෂ තියෙනව ද එහෙම නැත්නම් නගරෙ ඇවිදින හැම පිරිමියාම තමුං තුළ ඒ වගේ හැඟීම් තියාගෙන ඉන්නවද කියල. නමුත් මට හිතෙන්නේ මං නගරෙ ඇවිදින්න යන්නේ පික්නික් එකක් යනව වගේ කියලයි. මං ආසයිි තියටර්වලට ගියාම ඒව බලන්න එන්න ලෑස්තිවෙන්න පැය හයක් ගතකරන ප්‍රසිද්ධ රූප සුන්දරියෝ ළඟින් ඉන්න. ෆුට්බෝල් මැචස් බලන්න ගියාම උණුසුම් කාලෙදී සමර් ඩ්‍රෙසස් ඇඳගෙන ඉන්න රතු කම්මුල් තියෙන ගැටිස්සියො ළඟින් ඉඳගන්න.” ඔහු පානය අවසන් කළේය.
“ඒක තමයි කතන්දරේ”
ෆ්‍රාන්සස් සිය බීම අවසන් කර අතිරේකව තවත් තුන්වරක් කෙළ ගිල්ලාය.
“ඔයා කියනව ඔයා මට ආදරෙයි කියල.”
“මං ඔයාට ආදරෙයි.”
“මං ලස්සනයිත් එක්ක.”
“ඔයා හරි සුන්දරයි”
“මං ඔයාට ආදරෙයි.”
ෆ්‍රාන්සස් බැගෑපත් වෙමින් කීවාය. “මං හොඳ බිරිඳක් බවට පත්වෙලා තියෙනව. හොඳින් ගේ දොර බලාගන්න කෙනෙක්. හොඳ යෙහෙළියක්. මං ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.”
“මං දන්නවා.” මයිකල් කීය. ඔහු ඇගේ අත දැඩිව ග්‍රහණය කරගත්තේය.
“ඔයා නිදහස් වෙන්න කැමතියි වගේ” ෆ්‍රාන්සස් කීවාය.
“ෂ්…ෂ්…”
“මට ඇත්ත කියන්න.” ඕ ඔුගේ අතින් සිය අත මුදා ගත්තාය. මයිකල් නියගින් වීදුරුවට තට්ටු කළේය.
“ඕකේ” ඔහු මෘදුව කීය.
“සමහර වෙලාවට මට හිතෙනවා නිදහසේ උන්න නං කියලා.”
“හොඳයි” ෆ්‍රාන්සස් කීවාය. “ඕන වෙලාවක කියන්න.”
“නිකං මෝඩියක් වෙන්න එපා.”
මයිකල් සිය අසුන ඇය සිටි දෙසට පද්දා ඇගේ කළවය මතට සෙමෙන් තට්ටු කළේය.
අවහන්හලේ කිසිවකුට තමා ගැන අවධානය යොමුවිය නොැකි පරිද්දෙන් මදක් ඉදිරියට නැවී ෆ්‍රාන්සස් සිය ලේන්සුව තුළට නිහඬව හැඬුවාය.
“කවදා හරි” ඕ හඬමින් ම කීවාය. “ඔයා මාව දාල යාවි” මයිකල් කිසිවක් නොකීය. බාර් කීපර් ලෙමන් ගෙඩියක් ලෙලි ගසනු නිරීක්ෂණ්‍ය කරමින් ඔහු අසුන්ගෙන සිටියේය.
“එහෙම නෙවෙයි ද ?” ෆ්‍රාන්සස් රළු හඬින් ඇසුවාය.
“මේ මට කියන්න. කතා කරන්න ඔයා එහෙම කරන් නැද්ද ?”
“වෙන්න පුළුවන්” මයිකල් කීය. ඔහු පුටුව ආපස්සට ඇද ගත්තේය.
“කොහොමද ඉටිගෙඩිය මං දන්නේ?”
“ඔයා දන්නවා” ෆ්‍රාන්සස් මුරණ්ඩු ලෙස කීවාය. “ඔයා දන්නැද්ද ?”
“ඔව්” මයිකල් මොහාතකට පසු කීවේය.
“මං දන්නවා”
ෆ්‍රාන්සස් එවිට හැඬීම නැවැත්වූවාය. ඇය දෙතුන් වරක් ලේන්සුව අල්ලා නහය සූරා එය ඉවත දැමුවාය. ඇගේ මුහුණ කිසිවකුට කිසිවක් ප්‍රකාශ නොකළේය.
“හොඳයි මට එක ෆේවර් එකක් කරන්න.”
“ෂුවර්”
“අර ගෑනි – මේ ගෑනිගේ ලස්සන වර්ණනා කරන එක නවත්වන්න. ලස්සන ඇස් ලස්සන බ්‍රෙස්ට්, හුරුබුහුටි ෆිගර්, හොඳ කටහඬ.” ඕ ඔච්චමට මෙන් කීවාය. “ඒව ඔයා ළඟම තියගන්න මං ඒවට ආස නෑ.”
මයිකල් වේටර්ට අත වැනීය.
“ඔව්, මං ඒව මං ළඟම තියා ගන්නං” හේ කීය. ෆ්‍රාන්සස් සිය නෙත් කොන් කැසුවාය.
“තව බ්‍රැන්ඩි” ඕ වේටර්ට කීවාය.
“දෙකක්” මයිකල් කීය.
“යස් මැඩම්, යස් සර්” කී වේටර් ඉවත්ව ගියේය.
ෆ්‍රාන්සස් මේසය අනිත් පැත්තේ සිටි මයිකල් දෙස සමාධිගතව බලා සිටියාය.
“ඔයා කියන්නේ එහෙනම් මං ස්ටීවන්සන්ලට කතා කරන්න ද ?”
ඕ හුනස්නෙන් නැගිට කාමරයේ අනෙක් කෙළවරේ පිහිටි දුරකථනය වෙත ගියාය.
මයිකල් ඇගේ ගමන දෙස බලා සිටියේය.
කොච්චර ලස්සන කෙල්ලක්ද, කොච්චර සුන්දර දෙපාදැයි ඔහු සිතුවේය.
පරිවර්තනය – එස්.නන්දලාල් විසිනි
(Irvin Shaw විසින් රචනා කරන ලද “The Girls in Their Summer Dresses නම් කෙටිකතාවේ සිංහල පරිවර්තනය)