-5.9 C
New York

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 30 ඉක්මවයි

Published:

දිනක් තුළ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (31)  30 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යකෂවරයා පවසන්නේ ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 32ක් බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,473ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ දී මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 23 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 9 දෙනකු සිටින අතර ඉන් 15 දෙනකු පිරිමි පුද්ගලයන්ය. කාන්තාවන් 17 දෙනකු ද ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතව මියගොස් ඇත.

ඔමික්‍රෝන් රැල්ල ආරම්භවීමත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පසුගිය සති කිහිපයක් පුරා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 10-20ත් අතර පැවතිය ද‍ මේ වනවිට එම සංඛ්‍යාව වැඩිවෙමින් පවතී.

Related articles

Recent articles

spot_img