-2.1 C
New York

මූල්‍ය සමාගම් ඒකාබද්ධ කර සමාගම් ක්ෂේත්‍රයේ පෙරැළියකට සූදානමක්

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති මූල්‍ය සමාගම් ස්ථාවර කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා මහබැංකුව මගින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, ඩයලොග් ෆිනෑන්ස් සමාගම, ඒසියා ඇසල් ෆිනෑන්ස් සමාගම, ලංකා ක්‍රෙඩිට් සාමගම, බිස්නස් ෆිනෑන්ස් සමාගම, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගම, සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් සමාගම, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ලංකා සමාගම, යූබී ෆිනෑන්ස් සමාගම, රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම යන සමාගම්හි ප්‍රාග්ධනය රුපියල් බිලිය 12.56ක මුදලක් ඒකරාශී කිරීම සඳහා සැළසුම් සකස්කර අවසන්ව ඇත.

මෙම සැළසුමට අනුව ඇසට් ලීසිං සමාගම විසින් කැන්ඩ්චි ෆිනෑන්ස් සමාගම සහ එහි තැන්පතු ද, එල්බී ෆිනෑන්ස් සමාගම විසින් මල්ටි ෆිනෑන්ස් සමාගම සහ එහි තැන්පතු ද, එස්එන්බී ලීසිං සමාගම විසින් ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විස් සමාගම සහ එහි තැන්පතු ද, කමර්ෂල් ලීසිං සමාගම විසින් සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම සහ එහි තැන්පතු ද, එච්එන්බී ෆිනෑන්ස් සමාගම විසින් ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම සහ එහි තැන්පතු ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම විසින් කමර්ෂල් ලීසිං සමාගම සහ එහි තැන්පතු ද මිල දී ගැනීමට අවශ්‍ය සියුල කටයුතු මේ වනවිට සංවිධානය කර තිබේ.

මේ අතර අද (01) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 73,733ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිිලයන 9,706ක් ලෙස වාර්තාවිය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 87කින් පහළ ගොස් දිනය අවසානයේ 12,922ක් ලෙස සටහන්ව තිබිණි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 1,599
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 1,523
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,137

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 73
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 40
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 26

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඇග්ස්ටා පොහොර සමාගම ( R )  121%
  • ඇග්ස්ටා පොහොර සමාගම 46%
  • බ්ලූ ඩයමන්ඩ් සමාගම (X) 25%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 674
  • එල්ඕඑල්සී සමාගම බිලියන 567
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 221

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • ජැට් හෝල්ඩින් සමාගමේ කොටස් ලක්ෂ 07ක් රුපියල් 30.00 බැගින්
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගමේ කොටස් ලක්ෂ 04ක් රුපියල් 73.00 බැගින්

විදේශීය ආයෝජකයන් විසින් අද (01) දිනයේ රුපියල් මිලියන 76ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 164ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදල් රුපියල් මිලියන 88ක් විදේශ ආයෝජකයන් විසින් ඉවත්කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 16
  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 08
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 07
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 05
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 36
  • සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 20
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 16
  • විදුලංකා සමාගම රුපියල් මිලියන 13
  • ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 11

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img