-5.9 C
New York

ගාලු කොටුව කැත කරන අයට වෛද්‍යවරයකුගෙන් පාඩමක්

Published:

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් වුව ද එය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයෝ ගාල්ල කොටුව දැඩි ලෙස අපවිත්‍ර කරති.

මේ සම්බන්ධයෙන්‍ කොතෙකුත් දැනුම්වත් කළ ද කසළ දැමීමට බඳුන් වෙන්කර තිබුණ ද බොහෝ දේශීය සංචාරකයන් ඒ පිළිබඳ තැකීමක් කරන්නේ නැත.

ආගමික හැදියාවන්, සදාචාරය සහ විනය ගැන නිතර කතාකරන ශ්‍රී ලාංකිකයන් පාඩමක් කියාදෙන මේ වීඩියෝව ඉදිරිපත් කර තුබුණේ වෛද්‍යවරයකු වන රනිල් විතානගේ විසිනි.

කසළ තැන තැන දමා ඇති ආකාරයත් කසළ දැමීමට සැකසූ බඳුන්වල ඇති දුර්වලතාවත් ඔහු පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් ගාලු කොටුවේ සංචාරයේ යෙදෙන අය මෙන්ම එහි පරිපාලනය භාරව සිටින සියලු ආයතන ද අවධානය යොමුකළ යුතුය.

මේ පිළිබඳ විමසීමේ දී ගාලු උරුමය පදනම කියා සිටියේ ගාලු කොටු පවුර මතට නැගිය හැකි ස්ථාන 12ක ප්ලාස්ටික් සහ පොලිතීන්, දිරායන ද්‍රව්‍ය සහ වීදුරු දැමිය හැකි පරිදි වෙනම වර්ණ සහිත කසළ බඳුන් තුන බැගින් කට්ටල තබා ඇති බවයි. මීට අවතරව පවුර මත අලුතෙන් සැකසූ කසළ බඳුන් වර්ගයක් ඇති බවත් ඒවා සකසා ඇත්තේ පවුරේ ඇවිද යන පුද්ගලයකුට ටොෆි, චොකලට් සහ අයිස්ක්‍රීම් දවටන වැනි ඉවතලන කුඩා කසළ වර්ග දැමීමට බවත් ගාලු උරුමය පදනම පවසයි.

නමුත් දේශීය සංචාරකයන් කිසිදු හිරිකිතයකින් තොරව තමන් රැගෙන එන දෑ කොටුව පුරා සෑම තැනකම දමන බවත් කිසිසේත්ම කසළ බැහැර කිරීමේ නිශ්චිත උපදෙස් පිළිනොන්නා බවත් ගාලු උරුමය පදනමේ ප්‍රකාශකයකු කී‍වේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති.

Related articles

Recent articles

spot_img