spot_img
spot_imgspot_img

බූස්සේ දුම්රිය අනතු‍ර සිදුවූ හැටි CCTV දර්ශන නිකුත් වෙයි. මරණ ගණන 04ක් දක්වා ඉහළට

පුවත්

විදෙස්

බූස්සේ දී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනකු අනතුර සිදුවූ ස්ථානයේ ම මියගොස් සිටි අතර තවත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බූස්ස පරණවත්ත පදිංචි එකම පවුලේ හතර දෙනෙකි. ඒ අතර 85 හැවිරිදි කාලිංග ජිනදාස සහ ඔහුගේ බිරිඳ 83 හැවිරිදි ඒමිස්හාමි මනිමෙල්දුර සහ ඔවුන් දෙදෙනාගේ පුතු කාලිංග සුනිමල් (48) සහ ඔහුගේ බිරිඳ ලසිකා කුමාරි මෙන්ඩිස් (46) සිටින බව පොලිසිය පවසයි.

ත්‍රී රෝද රථය පදවා ඇත්තේ සුනිමල් විසින් වන අතර අනෙක් තිදෙනා පිටුපස අසුනේ ගමන්කර තිබේ. ඔවුන් ඉඩමක ඔප්පුවක් ලිවීමේ කාර්යයක් සඳහා නීතිඥයකු හමුවීමට ගාල්ලට යමින් සිටි බවට තොරතුරු ඇත

අද (01) උදෑසන බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවනය ආරම්භ කළ රජරට රැජින දුම්රිය ගාල්ලේ දුම්රිය ස්ථානයේ නවතා 10.25 පිටත්වීමට නියමිතව තිබුණ ද එය විනාඩි 04ක ප්‍රමාදයකින් පසු පිටත්ව ඇත්තේ 10.29ටය. දුම්රියේ ඊළඟ නැවතුම හික්කඩුව දුම්රිය ස්ථානයයි.

බුස්ස දුම්රිය ස්ථාානය පසුකර මද දුරක් ධාවනය වෙද්දී මේ අනතුර සිදුව ඇත.

අනතුර සිදුවූ ආකාරය දැක්වෙන CCTV දර්ශන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!