ඇතැම් විද්‍යුත් මාද්‍ය මගින් දුෂ්භාෂා භාවිතයක් එක්තරා ප්‍රමාණයකට සිදුවන බව පැහැදිළි සත්‍යයකි. මේ චෝදනාවට වැඩිපුරම ලක්වී ඇත්තේ එෆ්එම් නාලිකාවල වැඩසටහන් මෙහෙවන අයයි. ඔවුන් භාවිතා කරන භාෂාව ජනමාධ්‍යයට උචිත භාෂා රීතිය නෙවෙිය. මෙහි ප්‍රධාන වශයෙන් පැහැදිලි කර ගත යුත්තේ සිංහලය යනු ජීව භාෂාවක් නිසා එහි විවිධ රීති ඇති බවයි.
පෞද්ගලික කතාබහේ සදී එනම් ව්‍යවහාරයේ දී යෙදෙන ලද රීතියක් තිබේ. උදාහරණයක් වශයෙන් ගෙදර දොර, වෙළෙඳ පෙළේ දී, මඟතොටේ දී භාවිත වනු ලබන භාෂා විධි ඇත. මෙය අන්තර් පුද්ගල ජන සන්නිවේදනය යනුවෙන් හඳුන්වනු ලැබේ.
ඊළඟට තවත් රීතියක් භාෂා රීතියේ ඇත. ඒ ජන සන්නිවේදනය සඳහා භාවිතා කරන භාෂා රීතියයි. පුවත් පත, ගුවන් විදුලිය, රූපවාහිනියෙන් සිදුවන්නේ එම ජන සන්නිවේදනයයි. හුදෙක් මෙහි දී පුද්ගලයකු හෝ දෙදෙනකු අතර නොව මේ භාෂා භාවිතය සිදුකළ යුත්තේ සමස්තය නියෝජනය වන පරිදිය.
අන්තර් පුද්ගල භාෂා රීතිය ජන සන්නිවේදනයේ දී භාවිත කිරීම උචිත නොවන අතර මේ දෙක අතර වෙනස් කම් තිබේ. ඒ වෙනස්කම් සිදු වී තිබෙන්නේ සන්නිවේදකයාත් ග්‍රාහකයාත් අතර සිදු වී තිබෙන ස්වරූපය හේතුවෙනි.
වෙනස හඳුනා නොගැනීම
අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා තමාගේ ග්‍රාහකයා කවරෙක් ද ? යන්න හඳුනාගෙන කතා කෙරෙන අතර එහි දී භාෂාව භාවිතා කළ යුත්තේ කෙසේ ද ? යන්න ඔවුහු නිසියාකාරව ඳුනාගෙන එය සිදු කරයි. එහෙත් ජන සන්නිවේදනයේ දී සන්නිවේදකයා ග්‍රාහකයා කවුරුන් ද ? කුමන සමාජ පන්තියක ද ? කුමන වයස් මට්ටමක ද? කුමනාකාර මානසිකත්වයක ද ? කියන කාරණය නො දකී. මේ දෙක අතර වෙනස මේ එෆ්එම් නාලිකා හඳුනාගෙන නැති බවක් දක්නට ලැබෙයි. එහෙයින් අවශ්‍ය ප්‍රමාණයට වඩා සමීප භාවයකින් ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරනු ලබන අවස්ථා අපට දක්නට ඇත. එහෙත් අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී තමන් ආමන්ත්‍රණය කරන පුද්ලයන් අනුව සමීප බස් වහරක් යොදා ගත හැකිය. ජන සන්නිවේදනයේ අපි ආමන්ත්‍රණය කරනු ලබන ග්‍රහණය, පාඨකයා, ප්‍රේක්ෂකයා, හඳුනාගන්නේ නැත. අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී භාෂා භාවිත කිරීමේ දී මිතුරකුට “මචං මට අද හැන්දෑවට කෝල් එකක් දීපං” යැයි ආමන්ත්‍රණය කරයි. මෙහි කෝල් යන වචනය නිතර සිංහලයෙහි භාවිත වන ලද වචනයකි. එහෙත් මෙය ජන සන්නිවේදනයේ දී භාවිත කළ නොහැකිය. ජන සනන්නිවේදනයේ දී පුපද්ගල අන්තර් භාෂා භාවිතය කළ නොහැකිය. හේ දී කිව යුතු කරුණක් නම් එෆ්එම් නාලිකාවල සිටින පිරිස් මේ රීති දෙකේ වෙනස තේරුම් ගෙන නැති බවයි.
වැරැදි භාෂා භාවිතය
මේ අය ජනමාධ්‍ය භාවිතා කරනු ලබන්නේ ජන සන්නිවේදන මාධ්‍යය භාෂාව නොව අන්තර් පුද්ගල භාෂා භාවිතයයි. “අක්කේ මට සින්දුවක් දෙන්න පුළුවන් ද?”
“පුළුවන් හැබැයි දැන්ම ප්ලේ කරන්න බෑ”
“අද මං එනකොට මාර ට්‍රැෆික් නේ”
“රජ සැපට සෙට් වෙන්න”
“ෆන් එක ඩබල් කරගන්න පුළුවන්”
වැනි වැරදි භාෂා භාවිතයෙහි යෙදෙන අවස්ථා සුලභය.
මේ අය මේ සන්නිවේදන විධි ක්‍රම මාරු කරගෙන ඇති බවක් දක්නට ලැබේ. මෙහි දී භාෂා භාවිතයේ දී රීතියට උචිත භාෂාව පිළිබඳ අවබෝධයක් ඔවුන් කෙරෙහි නැද්, එසේ නැත්නම් ඒ අයට පුපහුණුවක් නොදීම ගැනත් ගැටලු සහගතය. පුහුණුවක් නොමැතිනම් ඔවුන්ට පුහුණුවක් ලබාදිය හැකිය. එහෙත් මේ අය නොදන්නාකම නිසා නොව ඔවුන්ගේ ආයතනවල ඉහළ නිලධාරීණ්ගේ නියෝග නිසා මෙලෙස සිදු කරනවා ද යන්න ගැටලු සහගතය.
මෙලෙස ඉහළ බලධාරීන්ගෙන් ඔවුන්ට බලපෑම් කළ හැක්කේ කාට ද ? යම් ගැටලුවක දී හෙළිදරව් වන කරුණක් වන්නේ මේ සඳහා බලපෑම් කළ හැක්කේ මේ පෞද්ගලික මාධ්‍ය හිමිකරුවන්ට පමණක් ය යන කරුණයි. ඒ අය මොවුන්ට නියෝග කරන්නේ නම් එය කළ යුතුයි. මන්ද තමන්ගේ රැකියාව රැකගත යුතු බැවිනි. මෙයින් සිදුවන වැරැද්ද ඔවුන් හොඳාකාරව ම දන්නවා ඇති. එහෙත් බලධාරීණ්ගේ ආකල්ප ක්‍රියාත්මක කිරීමට යාමේ දී මෙවන් තත්වයක් උදාවෙන බව පැහැදිළි කරුණකි.
ඒකාධිකාරී ස්වරූපය
බොහෝ විට මේ පෞද්ගලික නාලිකාවල හිමිකරුවන් ඉල්ලා සිටිනවානම් මේ දුෂ්භාෂා භාවිතය කළ යුතුයි යනුවෙන් ඔවුන් එය කළ යුතුයි. රජයේ මාධ්‍ය ආයතනවලට එසේ කළ නොහැක්කේ එහි හිමිකරුවන් පෞද්ගලික පුද්ගලයකුගේ ඒකාධිකාරියක් නොමැති නිසාය.
කෙසේ වෙතත් මේ තත්වය පැවැත්විය යුත්තේ කෙසේ ද යන කාරණයේ දී මේ වැරැදි සිදු කරනු ලබන්නේ නොදැනුවත් කමින් නම් එම පුද්ගලයන් ප්‍රධාන වශයෙන් දැනුම්වත් කළ යුතුයි. එහෙත් මොවුන් මෙසේ කරනු ලබන්නේ ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාවයට නම් මහජනතාව හෝ රජයේ බලධාරීන් ඉදිරිපත් වී මේ අය දැනුම්වත් කළ යුතුයි.
මෙලෙස සිංහල භාෂාව දූෂණ්‍ය කිරීම කෙලෙසීම නතර කරන ලෙස ඉල්ලීමක් කළ හැකියි. එහෙත් ප්‍රතිචාර දක්වයි ද නැද්ද යන කාරණය පිළිබඳව නිගමනය කිරීඹට අපට හැකියාවක් නැත. මක්නිසා ද යත් විවෘථ ආර්තිකයක් ඇති රටක පෞද්ගලික සමාගම් හිමියන්ට ව්‍යවසායකයන්ට තමන්ගේ වැඩ කටයුතු අවශ්‍ය පරිදි කිරීමේ අයිතියක් අති හෙයිනි.
එහෙත් ආණ්ඩුවට එක්තරා අන්තවාදී පිළිවෙතක් ගත හැකියි. එනම් මෙවැනි භාෂාව කෙලෙසන එෆ්එම් සංස්කෘතියක් නිර්මාණය කරන ලද පිරිසට නීති පැනවීම වැනි දේ මෙහි දී කළ හැකිය.
මෙවැනි දුෂ්භාෂා භාවිතයේ යෙදෙන්නනට නඩු පැවරීමට වැනි දේ කළ හැකියි. එහෙත් එය රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා භබායනක පිළියමක් විය හැකියි. දඬුවම් වශයෙන් අවසානයේ දී මාධ්‍ය අයාතනය නීතිගත කර බලපත්‍රය අවලංගු කිරීම් වැනි දඬුවම් පැනවිය හැකියි.
විශේෂයෙන් ඔවුනොවුනට අහිතකර මාධ්‍ය අයාතනවල බලපත්‍ර අවලංගු කිරීම වැනි පෞද්ගලික පළිගැනීම් මෙහි දී සිදුවිය හැකිය. මෙය දුෂ්භාෂා භාවිතය කියන කඩතුරාවට මුවා වී තමන්ට හිතකර නොවන මාධ්‍යය වසා දැමීමේ උපක්‍රමයක් බවට පෙරැළිය හැකියි.
මෙයට හොඳම උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂ පාලන සමයක ඊරියගොල්ල අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද කාලයේ සිංහල භාෂා භාවිතයට සම්මතයක් ඇතිකිරීම සඳහා කමිටුවක් ද පත්කෙරිණි. එම කමිටුව විසන් වාර්තාවක් ඉදිරිපත් කරමින් සිංහල භාෂා භාවිතයේ වර්ධනයක් අති කිරීමට අවශ්‍ය නිර්දේශ ද ඉදිරිපත් කෙරිණි.
එහි එක් පරිච්ඡේදයක සඳහන් වන්නේ, යම් ග්‍රන්ථයක් රචනා කිරීමේ දී එහි නම යෙදිය යුතු ආකාරය යන කරුණේ දී පුරාණ ග්‍රන්ථවල සඳහන් ආකාරයට නම් තැබිය යුතුයි යන්නයි. එනම් බුත්සරණ, අමාවතුර, සඳදාවත, මුව දෙව්දාවත වැනි ආකාරයෙනි.
මෙය කොතරම් දුරට උචිත ද කියන කාරණය ගැටලුවකි. එබැවින් එෆ්එම් නාලිකා මගින් භාවිත වන දුෂ්භාෂා භාවිතයේ දීත් නීති පැනවිය යුත්තේ කුමන ආකාරයට ද කියන දේ පිළිබඳව පවා ගැටලු මතුවෙයි.
නීති පැනවීමේ සීමාව
මෙහි දී සීමා පැනවිය යුත්තේ කොතැන ද කියන දේ නිශ්චිත වශයෙන් ම විනිශ්චයකට ලක්කළ නොහැකියි.
මෙවැනි මාධ්‍ය ආයතන මගින් කෙනෙර අනර්ථය දුෂ්භාෂා භාවිතයට පමණක් සීමා වන්නේ නැත. මෙවැනි මාධ්‍ය ආයතනවලින් මහාමාර්ගයේ ප්‍රදර්ශනය කෙරෙන වෙළෙඳ ප්‍රචාරණ පුවරු අතීශියන් ම භයානකය. මොවුන් පෞද්ගිලක ආයතන සම්බන්ධ කර ගනිමින් කරන මෙවැනි දෑ මගින් අතිශයියන් භයානක ප්‍රතිවිපාක අතිවිය හැකිය.
මක්නිසා ද යත් සමාජයේ සෑම කෙනෙක් ම මේවා දකින නිසා අත්ත වශයෙන් ම මෙය අතිශයින් ම භයානක ප්‍රතිවිපාක අත්විය හැකි තත්වයකි.
දුර්මත ප්‍රචාරය කිරීම
“හැඟීමට වහල් වෙන්න” යනුවෙන් එකතරා වෙළෙඳ පුවරුවක් මහමාර්ගයේ ප්‍රදර්ශනය කර ඇත. මෙහෙි දී කිව යුතු කරුණක් නම් හැඟීම්වලට වහල් වෙන්න එපා කියන කාරණය පිළිබඳව බුදු දහමෙනුත් අනෙක් අාගම්වලිනුත් අවධාරණය කරන බවයි. එසේ නම් මෙවැනි මතයක් ප්‍රචාරය කිරීම් කෙතරම් උචිත ද ? සදාචාරාත්මක ද ? යන්න පිළිබඳ අප සිතා බැලිය යුතුයි. හැඟීම් පාලනය කර බුද්ධියට ප්‍රඥාවට ඉඩදිය යුතුයි කියන කාරණය අප හැමවිට ම අවධාරණය කළ යුතු දෙයයි. මෙවැනි සාරධර්ම රැකගත යුතුව තිබිය දී ඒවාට පහර දීම අශෝභනයි. මෙය අතිශයින් ම භයානකයි.
මිනිසුන්ගේ ජීවිතයේ සෑම කාර්යයක් සමඟම භාෂාව අත්‍යනත්යෙන් බැඳී පවතිනු ලැබේ. භාෂාව අනෙකුත් විෂය ක්ෂේත්‍රයන්ට වඩා මිනිසාගේ මනසට තට්ටු කර බුද්ධියේ නිම් වළලු පුළුල් කිරීමට අපට පිහිට වන මෙවලමයි.
එමෙන් ම මෙය නිවැරැදි භාෂාව පිළිබඳ අවබෝධය ලැබීම ජීවිතය හා සමාජය පිළිබඳ අන්තර් ඥානය ලැබීමමට ද ඉවහල් වේ. නිවැරැදි භාෂාව රැකගැනීම අප කාගේත් අද දවසේ පරම යුතුකමයි.
මහාචාර්ය ජේ.බී.දිසානායක සමඟ සාකච්ඡා කර සුභද්‍රා දේශප්‍රිය විසින් ලියා සිළුමිණ පුවත්පතේ සියපත අතිරේකයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.