-5.2 C
New York

අනුර කුමාර දිසානයකට මැර ප්‍රහාරයක්, ඇමතිවරයකු ඒ පිටුපස

Published:

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ රැස්වීමක් සඳහා පැමිණෙමින් සිටිය දී කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අද කලගෙඩිහේන ග්ලාස්ගොව් උත්සව ශාලවේ පැවැත්වෙමින් තිබූ අතර ඒ සඳහා පැමිණෙමින් සිටිය දී ගල් සහ බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම අවස්ථාවේ දී අවට සිටි පිරිසක් විසින් පහරදුන් දෙදෙනකු අල්ලා නිට්ටඹුව පොලිසියට භාර දී ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇත.

අත්අඩංගුවට ගත් දෙදෙනා පවසන්නේ ගම්පහ ප්‍රදේශයේ අමාත්‍යවරයකුගේ සහ ව්‍යාපාරිකයකුගේ උපදෙස් මත තමන් මේ ප්‍රහාරයට පැමිණි බවයි. ප්‍රහාරය සඳහා පැමිණි සංඛ්‍යාව 16 දෙනකු බව ද ඔවුන් අනාවරණය කර තිබේ. පලාගිය සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ තමන් ගමන් කරන්නේ කැබ් රථයකින් බවයි. මෙම ප්‍රහාරය එල්ලවූයේ තමන් ගමන් ගත් රථයට නොව ඒ සමඟ පැමිණි වෙනත් රථයකට බවත් ඔහු පැවසීය.

Related articles

Recent articles

spot_img