-0.3 C
New York

මිරිස්කුඩු ගසා පුද්ගලයකු ඝාතනය කරලා

Published:

මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන තිදරු පියකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දුනගහ නැගෙනහිර පල්ලියපිටියේ පදිංචිව සිටි 68 හැවිරිදි අයෙකි. පෙදරේරුවකු ලෙස කටයුතු කරන ඔහු තම නිවසේ තනිවම වාසය කළ අයෙකි. අසල්වැසි නිවසකට අලුතෙන් පදිංචියට ආ පිරිිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවත්, අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් බවත් පොලිසිය සඳහන් කරයි.

බිරිඳ මියයාමෙන් පසු තනිව ම ජීවත් වූ ඔහුට අසළ නිවසේ පදිංචියට ආ අයගෙන් කරදර බව පැවසීයැයි ආරවුලක් හටගෙන ඇත. පොලිසිය සඳහන් කරන්නේ ඔහුගේ සිරුරට මිරිස්කුඩු ගසා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇති බව මූලික පරීක්ෂණයෙන් අනාවරණය වන බවයි. මියගිය පසු නිවසේ තිබූ මිරිස් කුඩු ඔහුගේ සිරුර පුරාම හළා ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

මේ ඝාතනයෙන් පසු කිසියම් පිරිසක් විසින් සැකකරුවන් පදිංචි නිවසට ද ගිනි තබා ඇත.

Related articles

Recent articles

spot_img