8.2 C
New York

අගමැති ගිණුමේ මුදල් අතුරුදන්වීම නීතිය හමුවට නොයන හේතුව මෙන්න

Published:

අගමැති මහින්ද රාජපක්ෂගේ ගිනුමකින් අයථා ලෙස ලබාගත් මුදල් කොටස් වශයෙන් ගෙවීමට උදිත් ලොකුබණ්ඩාර එකඟතාව පළකර ඇතැයි ද ඒ හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට එකඟවී ඇතැයි ද වාර්තා වේ.

‍අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි උදිත් ලොකුබණ්ඩාර අරලියගහ මන්දිරයට පැමිණ රුපියල් ලක්ෂ 20කට වැඩි මුදලක් ආපසු දී තිබේ. ඒ අනුව රුපිියල් කෝටි 05කට ආසන්න අතුරුදන් වූ මුදලින් කොටසක් ආයෝජනය කර ඇති බවත් අනෙක් මුදල් අගමැතිතුමාගේ හිතවතුන්ට සංග්‍රහ කිරීම සඳහා යොදාගෙන ඇති බවත් ලොකුබණ්ඩාර පවසා තිබිණි.

ඔහු මුදල් කොටස් වශයෙන් ගෙවීමට එකඟවී ඇත්තේ මේ සම්බන්ධයෙන් පුද්ගලික මට්ටමින් සිදු වූ ප්‍රශ්න කිරීමක දී ය.

මෙම එකඟතාව අනුව එම මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීමට අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය එකඟවී ඇතැයි ද පැවසේ.

Related articles

Recent articles

spot_img