spot_img
spot_imgspot_img

කාන්තාවන් සමඟ රවුම් ගැසූ භික්ෂුවේෂධාරියෙක් දායකයෝ පොලිසියට භාරදෙති (වීඩියෝ)

පුවත්

විදෙස්

නුගේගොඩ විහාරස්ථානයක සිටින භික්ෂුවේෂධාරියකු ස්ත්‍රීන් කිහිප දෙනකු සමඟ ගිහි ඇඳුමින් සැරසී මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී දායකයන් පිරිසක් විසින් පොලිසියට භාර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන කිහිපයක් හුවමාරු වෙමින් තිබේ.

මීට ඉහත 2020 වර්ෂයේ දී ද එම භික්ෂුවේෂධාරියා නුගේගොඩ විහාරස්ථානයේ උඩු මහළක කාමරයක් තුළ කාන්තාවක් සමඟ දැඩි වාදයක නිරතවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එම වීඩියෝවේ දැක්වෙන්නේ ඇය භික්ෂුවේෂධාරියා සමඟ විවාහ වී දරුවකු ද වැදූ බවයි. දරුවා විහාරස්ථානයේ තබාගෙන ඔහු වෙනත් කාන්තාවන් ඇසුරු කරන බව ද එම කාන්තාව බැණ වදිමින් පවසයි. මේ ස්ථානයේ තවත් චීවරධාරීන් කිහිප දෙනකු සිටින අයුරු ද දැක්වෙයි.

‍එම භික්ෂුවේෂධාරියා ‍කොළඹ සහ බස්නාහිර ප්‍රදේශයේ සංඝ තනතුරු කිහිපයක් ම දරන අතර විවිධ ගෞරව නාමවලට ද පාත්‍ර වූ අයෙකු ලෙස දැක්වේ. පසුගිය දිනක කාන්තාවන් දෙදෙනකු සමඟ ගිහි ඇඳුමින් සැරසී කාන්තාවන් සමඟ ගමන් කරමින් සිටි ඔහු පොලිසියට භාර දෙමින් ගිහියන් පවසන්නේ ඔහුගේ එම හැසිරීම ඉවසාගත නොහැකිව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

තම මුහුණ ආවරණය කරගැනීමට දැඩිව උත්සාහ ගන්නා භික්ෂුවේෂධාරියා මේ ක්‍රියාවෙන් සංඝ ශාසනයට හානියක් සිදුවිය හැකි බව ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!