-5.9 C
New York

ගාල්ල ගඳ ගස්සන බස් සේවකයෝ, මුත්‍රා පිරවූ බෝතල් කාණු පුරා දමලා

Published:

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව ඉදිරිපිට බස්රථ ගාල් කරගෙන සිටින බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් බෝතල්වලට මුත්‍රාකර එම බෝතල් අසළ ඇති කාණුවට දමා යන බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පසුගිය දිනවල ගාලු උරුමය පදනමට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද සෝදිසි කිරීමක දී මේ බව අනාවරණය වී තිබේ.

කොටුව ඉදිරිපිට වැසිකිළි පහසුකම් නැතත් අසළ ඇති ධර්මපාල උද්‍යානයේ සහ ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළෙහි පොදු වැසිකිළි පහසුකම් තිබේ. නමුත් එම වැසිකිළි සඳහා මුදල් අයකිරීමක් සිදුකරනු ලබයි. නමුත් බස්රථ සේවකයන් බස් රථයේම සිට බෝතල්වලට මුත්‍රාකර එය අසළ කාණුවට දැමීම හේතුවෙන් දිනකට මුත්‍රා පිරවූ බෝතල් විශාල සංඛ්‍යාවක් එම කාණ‍ුවේ දක්නට ලැබෙයි.

Related articles

Recent articles

spot_img