-4.8 C
New York

එජාපය සතුව තිබූ නගර සභාවක බලය පොදුජන පෙරමුණට හිමිවෙයි

Published:

එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ තිබූ බලංගොඩ නගර සභාවේ පාලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය.

එහි සභාපති චාමික ජයමිණි විමලසේන විසින් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව දෙවරක් පරාජයට පත්වීම හේතුවෙන් සභාපතිවරයා ඉවත්වූවා සේ සළකා ආණ්ඩඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

ඒ අනුව නව සභාපතිවරයකු තෝරාපත්කරගැනීම සඳහා පළාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැතිි ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභාපති ධූරයට ඉදිරිපත්ව සිටි වසන්ත ගුණරත්න ඡන්ද 10ක් හිමිකරගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් සභාපති ධූරයට ඉදිරිපත් වූ එම්.ඩබ්ලිව්.විමලසේනට හිමිවූයේ ඡන්ද 06ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 04කින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලංගොඩ නගර සභාවේ පාලන බලය හිමිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ද පොදුජන පෙරමුණට ලැබිණි.  

Related articles

Recent articles

spot_img