-2.1 C
New York

බසයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට 15 දෙනකු රෝහලේ

Published:

හැටන් සිට සලංකන්ද දක්වා මාර්ගයේ බටල්ගල දී බසයක් අද (28) උදෑසන 6.30ට පමණ අඩි ප්‍රපාතයකට පෙරැළීමෙන් පුද්ගලයකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් දික්ඔය මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර ඔවුන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික ආයතනයකට සේවකයන් රැගෙන යමින් තිබූ බසයකි එය අඩි 75ක් පමණ ප්‍රපාතයකට පෙරැළී ඇත. පොලිසිය සඳහන් කරන්නේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවන්නට ඇති බවයි.

ඡායාරූප – Accident 1st

Related articles

Recent articles

spot_img