-2.1 C
New York

මහින්ද විද්‍යාලයීය ආදි සිසු සංගමයේ සල්ලි පිල්ලි ගැසූ සිද්ධිය ගැන පරීක්ෂණයක්

Published:

ගාල්ල, මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් රුපියල් ලක්ෂ 22ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන පවසයි.

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම පැවැත්වීම දිනෙන් දින කල් දමමින්, එහ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන කණ්ඩායමකට එරෙහිව විද්‍යාලයීය ආදි සිසුන් කණ්ඩයමක් විසින් දිසා අධිකරණයේ පවරන ලද නඩුවකට වියදම් කිරීමට බව කියමින් මෙම මුදල් වංචා කර ඇතැ ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

එම නඩුවට අදාලව අධිකරණයෙන් ලැබුණු උපදෙස් අනුව 2021 දෙසැම්බර් මස 12 වැනි දා පැවැත්වූ මහ සභා රැස්වීමේ දී පත්වූ බව කියන නිලධාරීන් විසින් අදාල පැමිණිල්ල ගොනුකර තිබිණි. එහි ද සංගමයේ නව භාණ්ඩාගාරික දිලාන් නිරෝෂණ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ නව විධායක කමිටුවක් පත්කළ ද හිටපු නිලධාරී මණ්ඩලය ආදි ශිෂ්‍ය සංගම් කාර්යාලයේ යතුරු සහ අදාල ලිපිගොනු කිසිවක් නිසි පරිදි භාර නොදුන් බවයි. මේ හේතුවෙන් ගාල්ල මූලස්ථාන පොලිසියේ ද පැමිණිල්ලක් සටහන් කර පොලිසියේ අධීක්ෂණය යටතේ ආදි ශිෂ්‍ය කාර්යාලය විවෘතකර ලේඛන පරීක්ෂා කිරීමේ දී මේ මූල්‍ය වංචාව සොයාගත හැකි වූ බව ද හෙතෙම පැමිණිල්ලේ සටහන් කර ඇත.

ආදි ශිෂ්‍ය සංගමයේ නිලතලවල බලෙන් සහ අනීතිකව රැඳී සිටිමින්, නීත්‍යානුකූල මහ සභා රැස්වීම පැවැත්වීම කල් දමමින් සිටි හිටපු නිලධාරී මණ්ඩලයේ සම ලේකම්වරයකු සහ භාණ්ඩාගාරිකවරයකු විසින් අත්සන් කර රුපියල් ලක්ෂ 22ක මුදලක් ආදි ශිෂ්‍ය සංගම‍යේ ගිණුමකින් ලබාගෙන ඇති බවත් එම ‍මුදල් නීතිඥ ගාස්තු සඳහා ගන්නා බවට සටහන් කර ඇතත් චෙක්පත මුදල් බවට පත්කර ඇත්තේ නීතිඥයකු නොවන කාන්තාවකගේ මාර්ගයෙන් බවත් පැමිණිල්ලේ දැක්වෙයි.

ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයෙය් ස්ථානාධිපපති ප්‍රධාන පොලිස් පරපීක්ෂක ඒ.එස්.එල්.නාරංගොඩ පවසන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

Related articles

Recent articles

spot_img