-5.9 C
New York

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ට. සාමාන්‍ය සැත්කම් නවතී

Published:

කොරෝනා ආසාදිතයන් රට පුරාම වැඩිවෙමින් පවතින බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවත කොරෝනා ආසාදියන් සඳහා වෙන්කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසයි.

එමෙන් ම රෝහලේ සිදුකරන සාමාන්‍ය සැත්කම් සඳහා ප්‍රමුඛතාව ලබාදී ම ද මේ වනවිට අඩු වී ඇතැයි හෙතෙම පවසයි.

“නැවත කෙරෝනා වසංගතය රට පුරාම පැතිරෙමින් තිබෙනවා. එන්නත්කරණය සාර්ථකව සිදුවුණත් අපි මේ රෝගයෙන් පරෙස්සම් ‍විය යුතුයි. එන්නත් ලබාගත් අයටත් නැවත කොරෝනා ආසාදනය වනවා. පසුගිය සති කිහිපයක් කොරෝනා ආසාදිතයන් අඩුවීම නිසා සාමාන්‍ය සැත්කම් ආදිය පටන්ගත්තත් නැවත ඒවා සීමා කරන්න සිදුවෙලා තියෙනවා. ඒවාට ප්‍රමුඛතාව අඩුකරන්න වෙලා තියෙනවා. කොරෝනා රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකක වෙන්කිරීමටත් සිදුව තිබෙනවා.” යැයි රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

Related articles

Recent articles

spot_img