-4.8 C
New York

ආහාර උද්ධමනය 21.5% කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි

Published:

2021 දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ආහාර උද්මධනය 21.5%කින් ඉහළ ගොස් ‍ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කළ නිවේදනයක දැක්වේ.

එහි දැක්වෙන්නේ දෙසැම්බර් මාසයේ දී වාර්ෂිික සාමාන්‍ය මතුපිට උද්ධමනය 7%ක් දක්වා ඉහළ ගිය අතර වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 14%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ආහාර සහ ආහාර නොවන භාණ්ඩ දෙවර්ගයෙහි ම මිල ගණන්වල මාසික ඉහළ යාම් මීට හේතු වී ඇත. ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලකෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී පැවැති සියයට 16.9 හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5ක් දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂිකමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවැති 6.2% සිට 2021 දෙසැම්බර් මාසයේ දී 7.6% දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img