-4.8 C
New York

පේරාදෙණිය විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. ආශ්‍රිතයන් 400ක් පොදු වාහනවල රටපුරා යති

Published:

පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ වනවිට කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් වූ සිසු සිසුවියන් 400ක පමණ පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිතාකරමින් නිවෙස්වලට යමින් සිටින බව ද වාර්තා වේ.

ඊයේ (23) රාත්‍රිය වනවිට එහි සිසු දරු දැරියන් 26 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබූ අතර අනෙකුත් ගුරු සිසුන්ට නිවෙස්බලා යන ලෙස උපදෙස් දී තිබිණි.

කොරෝනා රෝගීන් සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ මෙම විද්‍යාපීඨයේ සිසුන් යළි කැඳවන ලද්දේ පසුගිය 15 වැනි දා ය. දින හතරකට පමණ පසු සිසුන් රැසකට කොරෝනා රෝගලක්ෂණ ඇතිවීම හේතුවෙන් කරන ලද පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයන් බව තහවරු වී තිබේ.

මේ වනවිට 400ක පමණ පිරිසක් රටේ විවිධ ප්‍රදේශවලට යමින් සිටින අතර ඔවුන් අති බහුතරයක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරයි. එකම ස්ථානයක ආහාර ගැනීම, නේවාසිකාගාරවල සිටීමට, එකට එක්ව දේශනශාලා භාවිතා කිරීම සහ ක්‍රීඩා කටයුතු යෙදීම යන විවිධ හේතූන් නිසා ඔවුහු සියලු දෙනා ම කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්ව සිටිති.

Related articles

Recent articles

spot_img