-2.1 C
New York

මෙරට 96.15% ක් ම ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වෙයි

Published:

කොරෝනා ආසාදිත වූ 78 දෙනකුගේ ජෛව අනුක්‍රමිකතා පරීක්ෂා කළ විට ඉන් 75 දෙනකුට ම වැළඳී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ මේ අනුව මෙරට ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්ව ඇති බව සනාථ වන බවයි.

මෙය ප්‍රතිශතයක් ලෙස සැළකූ විට 96.15% කි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්ව ඇති අතර මෙය වේගයෙන් ව්‍යාප්තවන බව ද පර්යේෂකයන් විසින් තහවුරු කර ඇත.

එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට එම ප්‍රභේදය ආසාදනය වීමෙන් බරපතල තත්වයන් ඇති නොවන බැවින් හැකි ඉක්මණින් තම එන්නත්කරණය සම්පූර්ණ කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි. එමෙන් ම හැකිතරම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලස ද දැනුම් දෙයි

Related articles

Recent articles

spot_img