-5.9 C
New York

කරාපිටියේ කොරෝනා පරීක්ෂණ නතරවෙයි ? “පරීක්ෂණ කට්ටල වෙනුවෙන් ණය වෙන්න බෑ” අධ්‍යක්ෂ කියයි

Published:

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැතිවීමෙන් එම පරීක්ෂණ සීමා සහිත කිරීමට සිදුව ඇත.

මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සහ ඒ අවට ප්‍රදේශවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි වී ඇති අතර තවත් කොරෝනා රැල්ලක් ආරම්භ වෙමින් පවතින බවට පැහැදිළිව දක්නට තිබිය දී මෙම තත්වය ඉතාමත් ඛේදජනක බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ දිනකට කරාපිටිය රෝහලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 400-500ත් අතර ප්‍රමාණයක් සිදුකරන බවයි. නමුත් මේ වනවිට ආයතනය තුළ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ද ප්‍රමාණවත් තොග නොතිබීම හේතුවෙන් ණය පදනම යටතේ වෙනත් ආයතන වෙතින් පරීක්ෂණ කට්ටල ලබාගත් බව ද ‍රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිතව දැනුම් දී ඇත.

මේ වෙනවිට ණය පදනම යටතේ ද එම පරීක්ෂණ කට්ටල ලබාගත නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බැවින් ඉදිරියේ දී කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීම ගැටලුවක් වන බව ද වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයකු අප සමඟ කියා සිටියේ මෙය කරාපිටිය ශික්ෂණ රෝහලට පමණක් ඇති ප්‍රශ්නයක් නොව සමස්ථ රෝහල් පද්ධතියටම ඇති ගැටලුවක් බවයි. ඉදිරියේ දී ඖෂධ සැපයුමට ද මේ තත්වයම ඇතිවන බව ඔහු කියා සිටියේය.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකළ ලිපිය පහතින්

Related articles

Recent articles

spot_img