spot_img
spot_imgspot_img

උපකුලපති ධූරත් මන්ත්‍රී චිට් ක්‍රමයට දෙන යුගයක පෙරනිමිති. වියත්මඟ ඊට සහය දෙයි

පුවත්

විදෙස්

මේ වනවිට පුරප්පාඩු වී ඇති වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා මහාචාර්ය එච්.එම්.ඒ.හේරත් පත්කරන්න යැයි වියත්මඟ සහ දේශපාලකයන් රැසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීම් කරමින් ලිපි ඉදිරිපත් කර තිබේ.

විශ්වවිද්‍යාලයක උපකුලපති තනතුර යනු දේශපාලනික තනතුරක් නොවේ. විශ්වවිද්‍යාල පාලක සභාවෙන් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් අනුව නම් නිර්දේශකර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන අතර ඉන් පසු එම නිර්දේශ නම් අතරින් අයකු පත්කිරීමේ අභිමතය ජනාධිපතිවරයාට හිමිවෙයි.

මෙවර පුරප්පාඩු වී ඇති වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට විශ්වවිද්‍යාල පාලක සමභාව මගින් නම් තුනක් නිර්දේශ කර තිබේ. ඒ අතර මහාචාර්ය එච්.එම්.ඒ‍. හේරත් ද සිටියි.

මේ වනවිට කුරුණෑගල ඇතුළු ප්‍රදේශ ගණනාවක දේශපලානඥයන් සහ වියත්මඟ ජනාධිපිතවරයාට දිගින් දිගටම ලිපි ඉදිරිපත් කරමින් මහාචාර්ය හේරත් ඒ සඳහා පත්කරන ලෙස ඉල්ලීම් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන ආචාර්ය සංගමයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දම්මික වීරතිලක ගේ අතිසනින් ජනාධිපතිවරයාට යැවූ ලිපියකින් ඉල්ලා ඇත්තේ වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කැපවීමක් කළ අයකු බැවින් මහාචාර්ය හේරත් උපකුලපති ධූරයට පත්කරන ලෙසයි.

එම ලිපි කිහිපයක් පහතින් දැක්වේ.

බොහෝ විද්වතුන් සහ විශ්වවිද්‍යාල පද්ධතිය හා සම්බන්ධ අය පවසන්නේ මෙය නොවිය යුතු දෙයක් බවයි. විශ්වවිද්‍යාල මේ ආකාරයෙන් දේශපාලනික කිරීමට උත්සාහ ගැනීම මෙරට අධ්‍යාපනයේ ගුණාත්මක බව කඩා වැටීමට හේතුවක් බවත් අනවශ්‍ය බුද්ධිගලනයකට එය උත්ප්‍රේරකයක් විය හැකි බවත් ඔවුහු කියති.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඩී.බී.හේරත්, එච්.එම්.සමන් ප්‍රියන්ත හේරත්, ගුණපාල රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ වියත්මග කුලියාපිටිය ශාඛාව විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිවල පිටපත් අපට ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!