-4.8 C
New York

ශිෂ්‍යත්ව ළමුන්ට ගුරුවරයෙක් විභාග ශාලාවේ දී පහර දුන්නැයි දෙමාපියෝ පාසලක් වටලති. පොලිසියත් කැඳවයි

Published:

නාගොඩ රාජකීය විද්‍යාලයේ ශාලා අංක 02හි අද (22) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් තිදෙනකුට ශාලාවේ ‍නිරීක්ෂණ කටයුතු සඳහා සිටි ගුරුවරයකු විසින් පහර දීමේ සිද්ධියක් හේතුවෙන් මේ වනවිට දෙමාපියන් පිරිසක්ක විසින් එම විදුහල වටකර ඇති අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය ද පැමිණ තිබේ.

අද (22) උදෑසන 9.30ට ආරම්භ වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර එම ශාලාවේ බෙදා දී ඇත්තේ උදෑසන 9.35ට පැයකට පසු 10.35ට පිළිතුරු පත්‍ර එකතු කළ යුතු වුව ද ගුරුවරයකු විසින් 10.20ට පිළිතුරු පත්‍ර එකතුකිරීම ආරම්භ කර ඇති බව ‍දෙමාපියෝ කියති. එම අවස්ථාවේ දී තමන් තවමත් පිළිතුරු ලියා අවසන් නැති බවත් තවත් විනාඩි 15ක් ඉතිරිව ඇති බවත් දරුවන් තිදෙනකු විසින් පවසා ඇති අතර පිළිතුරු පත්‍ර එකතුකළ ගුරුවරයා විසින් එම දරුවන් තිදෙනාට පහර දී ඇතැයි දෙමාපියෝ කයි.

නාගොඩ රාජකීය විද්‍යාලයේ ශාලා අංක 02 හි කුරුපනාව කණිෂ්ඨ විද්‍යාල‍ය, යටලමත්ත මහා විද්‍යාලය සහ නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටිය.

දෙමාපියන් විසින් මේ වනවිට විභාග ශාලාව වටකර ඇති අතර විභාග ශාලාධිපති ඇතුළු කිසිවෙකුට භූමියෙන් පිටවයාමට ඉඩ නොදී කලබල කරමින් සිටී. තත්වය සමථයකට පත්කිරීම සඳහා පොලිසිය ද කැඳවා ඇත.

Related articles

Recent articles

spot_img