spot_img
spot_imgspot_img

රුහුණ අධ්‍යාපන විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. සියලු දෙනා ආශ්‍රිත වෙලා

පුවත්

විදෙස්

ගාල්ල අක්මීමණ, කුරුඳුවත්තේ පිහිටි රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන් ඇතුළු 60කට වැඩි පිරිසක් ඊයේ (21) සවස් වනවිට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එය ඉතාත් ම අවදානම් තත්වයක් බවත් මේ වනවිට එම විද්‍යාපීඨයේ පුහුණුව ලබන සහ කාර්ය මණ්ඩලයට අයත් 500කට වැඩි පිරිසක් ආශ්‍රිතයන් වී ඇති බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදාගත් කුරුඳුවත්ත විද්‍යා පීඨය යළි ආරම්භවූයේ ජනවාරි 15 වැනි දාය. මෙහි පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන් කාණ්ඩ තුනකට ගෙන්වා තිබිණි.

දින කිහිපයකට පසු ඔවුන් පිරිසකට කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබුණු බැවින් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ.

මේ වනවිට කොරෝනා බව තහවුරු කරගත් පිරිස වෙනම ස්ථානයකට යොමුකර ඇතත් ඔවුන්ට ආහාර සැපයීම ආදිය සිදුකරන්නේ ද අනෙකුත් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය විසිනි. ආශ්‍රිත වූවන් නිරෝධායනයට යොමුකිරීමක් සිදුකර නැත.

රුහුණ විද්‍යාපීඨයේ අ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ වනවිට විද්‍යා පීඨයේ සිටින සියලු සිසුන් ආශ්‍රිතයන් වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට රුහුණ අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්ත ද එය විසන්ධි විය. ඉන් පසු ඔහු සම්බන්ධකරගත නොහැකි විය.

සෞඛ්‍ය අංශ පවසන්නේ අද (22) දිනයේ ද විද්‍යාපීඨයේ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවයි. එමෙන් ම රෝග ලක්ෂණ පෙන්වන විශාල පිරිසක් සිටින බව ද දැනගන්නට ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!