ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට නව ස්ථිර විදුහල්පතිරවයකු නැවත පත්කර තිබේ. වසර දෙකකට අඩු කාලයක දී එම විද්‍යාලයට පත්ව ආ දෙවැනි ස්ථිර විදුහල්පතිවරයා වන අතර තුන්වැනි විදුහල්පතිවරයා වෙයි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ තිලක් වත්තුහේවා 2020 ඔක්තෝබර් මාසයේ දී රිච්මන්ඩ් විදයාලයේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත්ව ආවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණයකින් තේරී පත්ව රාජ්‍ය සේවා කොමිසමේ ද නිර්දේශය ඇතිවය. රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණි දින කිහිපයකින් නැවත නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට ඉල්ලුම්කළ ඔහු නාලන්දයටම ගියේය.
ඉන් පසු රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ නිලූක දිල්රුක් වීරසිංහ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිධූරයට ගෙන ආවේ ආදි සිසුන් විසින් බරපතල අරගලයක් කරමිනි ඔහුට ලැබුණේ වැඩබලන විදුහල්පති ධූරයක් වුව ද ආදි ශිෂ්‍යයන් දිගින් දිගටම කීවේ “අපිට කවුරුත් ඕනෑ නැහැ. අපේ ආදි සිසුවෙක් දැන් විදුහල්පති. අපි එයත් එක්ක වැඩ කරගෙන යනවා යනුවෙනි.” නිලූක විරසිංහ හිටපු විද්‍යාලයේ ගුරුවරු, දෙමාපියන් සහ සිසුදරුවන්ද ඔහුගේ රිච්මන්ඩ් ගමනට විරෝධය දැක්වුව ද එය ප්‍රතිඵල දායක වූයේ නැත. වීරසිංහ වසර ගණනාවකට පසු රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිධූරයට පත්ව ආ ආදි සිසුවාය.
දැන් රිච්මන්ඩ් විද්‍යාලයට නව විදුහල්පතිවරයකු පත්කර තිබේ. ඔහුගේ පත්වීම ද සඳහන් වන්නේ ස්ථිර පත්වීමක් ලෙසිනි. එලෙස පත්ව ඇත්තේ සමන් පුෂ්පකුමාර ය.

ඔහු කඳාන ද මැසනොද් විද්‍යාලයේ සහ කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයේ ආදි සිසුවෙකි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබබඳ උපාධිධාරියකු වූ ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත උපාධි ඩිප්ලෝමාධාරියෙකි. මීපේ අධ්‍යාපන නායකත්ව සංවර්ධන මධයස්ථානයෙන් ගණිතය පිළිබඳ විශේෂඥතාවක් ලබා ඇති හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාක් ද ලබා ඇත.
ඊජිප්තුවේ කයිරෝ අගනවුර ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයේ ද සේවය කර ඇති සමන් පුෂ්පකුමාර රාජ්‍ය සේවයේ වසර 22ක අඛණ්ඩ සේවයක් සම්පූර්ණ කර ඇති අයෙකි. ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ද සේවය කර ඇති හෙතෙම අධ්‍යාපන පරිපාලන සේවයට පිවිස අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණිතය සම්බන්ධ පළාත් සම්බන්ධීකාරකවරයකු ලෙස විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස්වරයකු ලෙස ද සේවය කර තිබේ.
පසුගිය 2021 මාර්තු මස 23 වැනි දා සිට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියට උසස්වීම් ලද ඔහු කොළඹ අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂ (ගණිතය) ලෙස කටයුතු කරමින් සිටියේය.