spot_img
spot_imgspot_img

HNB වැඩි කොටස් අයිතියක් LOLC සමාගම සතුවෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 38,677ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 4,952ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 10කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය 13,371ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 755යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 336යි, ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 261යි වශයෙන් ද වැඩිම ප්‍රමාණයක් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19යි, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 11යි, එස්එන්බී ලීසිං සමාගම (X) මිලියන 11යි වශයෙන් ප්‍රමුඛ විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 764ක වත්කම් හිමිකරගෙන ඇති එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේත්, රුපියල් බිලියන 632ක වත්කම් හිමිකරගෙන ඇති එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් බිලියන 241ක වත්කම් හිමිකරගෙන තුන්වැනි ස්ථානයේත් රැඳී තිබිණි.

මර්චන්ට් ෂිපිං සමාගමේ කොටස් මිල 49%කින් ද, ලේක්හවුස් ප්‍රින්ටර්ස් සමාගමේ කොටස් මිල 25%කින් ද, ගෙස්චෙස්ට්නර්ස් සමාගමේ කොටස් මිල 12%කින් ද ඉහළ යන ලදී.

සංවෘත කවය තුළ, එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් ලක්ෂයක් රුපියල් 395.00 බැගින් හුවමාරු විය.

ලංකා හොස්පිට්ල් සමාගම අද (21) දිනයේ තම කොටස් හිමියන් සඳහා රුපියල් 1.00ක අතරමැදි ලාභාංශයක් ප්‍රකාශ කරන ලදී.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන අතරින් රුපියල් මිලියන 47ක් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් ‍රුපියල් මිලියන 119ක කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 72ක කොටස් මිල දී ගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර කෝට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 33යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 4යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 3.7යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 3.4යි, අගලවත්ත වැවිළිි සමාගම රුපියල් මිලයන 3.4යි වශයෙන් ද විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර වැලියුබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 33යි, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 29යි, කැලණි වැලි වැවිලි සමාගම රුපියල් මිලියන 11යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10යි, ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 06යි වශයෙන් කැපී පෙණිනි.

හැටන් නැෂනල් බැංකුවෙන් තනි පුද්ගලයකු ලෙස කොටස් වැඩිම ප්‍රමාණයක් හිමිකරගත් පුද්ගලයා බවට එල්ඕඑල්සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර පත්වූ අතර ඒ හේතුවෙන් ඔහු හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය.

2021 මැයි මාසයේ දී එල්ඕඑල්සී සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම හැටන් නැෂනල් බැංකුව් කොටස් මිලියන 8.47ක් රුපියල් බිලින 1.1ක මුදලකට මිලදී  ගැනීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවේ කොටස් හිමිකාරීත්වයේ වැඩි කොටසක් අත්කර ගැනීමට එල්ඕඑල්සී සමූහය සමත්විය.  ඒ අනුව එම හැටන් නැෂනල් බැංකුවේ කොටස්වලින් 9.9% ප්‍රමාණයක් එල්ඕඑල්සී සමාගම සතුව ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!