-5.9 C
New York

බැංකු පොළී අනුපාත ඉහළ දැමුව ද කොටස් වෙළෙඳ පොළ දිගටම ඉහළට ?

Published:

කොළඹ කොටස් වෙළඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 48,008ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,077ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 101කින් පහළ ගිය අතර දිනය අවසානයේ එය 13,361ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම ‍රුපියල් මිලියන 2,261ක්, ජැට් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 595ක්, ඇක්සස් ඉන්ජිනියරින්  සමාගම රුපියල් මිලියන 315ක් ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 79ක්, ජැට් හෝල්ඩින් සමාගම කොටස් මිලියන 20ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14ක් ලෙසත් ප්‍රමුඛ විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 754ක වත්කම් හිමිකරගෙන ඇති එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේත්, රුපියල් බිලියන 636ක වත්කම් හිමිකරගෙන ඇති එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් බිලියන 241ක වත්කම් හිමිකරගෙන තුන්වැනි ස්ථානයේත් රැඳී තිබිණි.

බ්ලූ ඩයමන්ඩ් සමාගමේ (X) කොටස් මිල 25%කින් ද, මර්චන්ටයිල් ෂිපිං සමාගමේ කොටස් මිල 25%කින් ද, ඔටෝ ඩ්‍රොම් සමාගමේ කොටස් මිල 22%කින් ද ඉහළයාම අද දිනයේ කැපී පෙණිනි.

සංවෘත කවය තුළ, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 55ක් රුපියල් 28.00 බැගින් ද, මෙල්ස්ටා කොප් සමාගමේ කොටස් ලක්ෂ 06ක රුපියල් 63.70 බැගින් ද, හේලීස් සමාගමේ කොටස් ලක්ෂ 03ක් රුපියල් 140.00 බැගින් ද, ඩයලොග් ආසියාටා සමාගමේ කොටස් ලක්ෂ 25ක් රුපියල් 12.00 බැගින් ද, සීඅයිසී හෝල්ඩින්ස් (X) සමාගමේ කොටස් ලක්ෂ 05ක් රුපියල් 50.00 බැගින් ද, කොමර්ෂල් බැංකුවේ කොටස් ලක්ෂ 03ක් රුපියල් 82.50 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය රුපියල් මිලියන 116ක් ඉවත්කරගෙන තිබිණි..

විදේශ ආයෝජකයන් ‍රුපියල් මිලියන 214ක කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 98ක කොටස් මිල දී ගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 38යි, යුනියන් බැංකුව රුපියල් මිලියන 11යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 6.4යි, සොෆ්ට්ලොජික් සමාගම රුපියල් මිලියන 06යි, හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 5.8යි ලෙසත්, විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 57යි, මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 40යි, ඩයලොග් ආසියාට සමාගම රුපියල් මිලියන 30යි, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 5යි, කෙමනෙක්ස් සමාගම රුපියල් මිලියන 13යි ලෙස ප්‍රමුඛ විය..

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවල පොළී අනුපාත ඉහළ දැමීමට තීරණය කර ඇත. එසේ වුව ද දැනට පවතින අධිික උද්ධමනය, භාණ්ඩ ආනයනය සීමා කිරීම සහ 2022 තුන්වැනි කාර්තුවේ මූල්‍ය වාර්තා නිකුත්වීමට නියමිත බැවින් කොළඹ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළඩකරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img