-4.8 C
New York

5000 දීමනාව බොරුවක් වෙයි. ඉලක්කම් සෙල්ලමක් පමණයි. චක්‍රලේඛයත් රහසේම අත්හිටුවලා

Published:

රජයේ සේවකයන්ට ලබා දීමට තීරණය කළ රුපියල් 5000.00 දීමනාව තාවකාලිකව අත්හිටුවා ඇති බව දක්වමින් ලිපි නිකුත් වී ඇත.

මේ සම්බන්ධයෙන් අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරීවරයා විසින් සියලුම විදුහල්පතිවරු, පරිවේණාධිපතිවරු, ගුරු භවතුන් හා කාර්ය මණ්ඩල වෙත නිකුත්කරන ලද ලිපියක පිටපතක් අප වෙත ලැබී ඇත.

එම ලිපිය 2022 ජනවාරි 19 දිනැතිව ZEO/ACC/CC/01 අංකයෙන් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2022 තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. ඉහත චක්‍රලේඛයට අනුව 2022 ජනවාරි මස සිට රජයේ සේවකයන්ට දෙන රුපියල් 5000.00 දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව 18 වැනි දින නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවැති ගණකාධිකාරීවරුන්ගේ රැස්වීමේ දී දැනුම් දී ඇතැයි ද සඳහන් වේ.

එබැවින් එම මුදල ජනවාරි මාසයේ වැටුප් පත්‍රිකාවේ පෙන්නුම් කර ඇතත් වැටුපට එක්තු කර නොමැති බව කාලාප අධ්‍යාපන කාර්යාලය මගින් දැනුම් දී තිබේ.

මේ ලිපියේ සත්‍ය අසත්‍යතාව දැනගැනීම සඳහා අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරී එල්.ටී.සලිදීන් හට කතා කළ විට ඔහු කියා සිටියේ වැටුප් පත්‍රිකා සැකසුවේ රුපියල් 5000.00ක දීමනාව ද එකතුකරමින් බවයි. නමුත් ඒවා සැකසුවාට පසු මෙම දීමනාව නොගෙනවන බව දැනගන්නට ලැබුණු බැවින් මෙවැනි ලිපියක් නිකුත්කළ බව කියා සිටියේය. මුදල් ලැබුණු වහාම එම දීමනා ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img