-2.1 C
New York

විශ්‍රාම වයස තීරණය කරමින් ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරයි

Published:

2022 අයවැය යෝජනාව අනුව රජයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (19) නිකුත්කර තිබේ.

රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ අත්සනින් එය නිකුත්කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව 2022 ජනවාරි මාසයේ 01 වැනි දා සිට එය ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් ඕනෑම රාජ්‍ය සේවකයකුට වයස අවුරුදු 55න් පසු විශ්‍රාම යාමට හැකිවන අතර වයස අවුරුදු 65 දක්වා සේවය කිරීමට ද අවස්ථාව තිබේ. වයස 65 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන් විශ්‍රාම යා යුතුය.

එම ගැසට් නිවේදනය පහතින්

Related articles

Recent articles

spot_img