-4.8 C
New York

ඩොලර් නැති ගැටලුවට 2029 දක්වා විසඳුමක් නෑ

Published:

රටේ ඇතිවී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 දක්වා ම විසඳාගත නොහැකි වනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පවසන්නේ මේ ආණ්ඩුව 2025 දී වෙනස් වුවත් එම අර්බුදය නොවෙනස්ව පවතින බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

“ අපේ රටේ මේ වනවිට ප්‍රධාන අර්බුද 03ක් තිබෙනවා. එකක් තමයි විදේශ විනිමය පිළිබඳ අර්බුබදය. දෙවැන්න රාජ්‍ය මුදල් පිළිබඳ අර්බුදය. තුන්වැන්න කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩඒමේ අර්බුදය. ජනාධිපතිතුමා මේ අර්බුද සඳහා ජාතික වශයෙන් පාර්ලිමේන්තුවට ඇති වගකීම පැහැදිළි කළා. විදේශ විනිමය ප්‍රශ්නය අද ඊයේ ඇති වූ එකක් නෙවෙයි. නිදහසෙන් පසු රට පාලනය කළ කිසිම ආණ්ඩුවක් දිනෙන් දින ඉහළ යන භාණ්ඩ ආනයන වියදමට සාපේක්ෂව ආදායම් වැඩිකරගත්තේ නැහැ. 1977 දී ශ්‍රී ලංකාවේ තිබුණේ වෙළෙඳ හිඟයක්. අපි හැමදාම කළේ මේ රටේ දේවල් නිෂ්පාදනය කිරීමට වඩා පිටින් ගෙනවිත් පරිභෝජනය කිරීම. මේක තමයි ඇත්ත කතාව. කාටවත් බැන බැන ඉන්නවාට වැඩිය මේ තිබෙන ගැඹුරු ප්‍රශ්නය පිළිබඳ අවබෝද කරගැනීමයි කළ යුතු වෙන්නේ.”

“2029 දක්වා මේ අර්බුදයට මුහුණ දෙන්න රටට සිදුව තිබෙනවා. ඒ නිසා මෙය ජාතික අර්බුදයක්. මේ අර්බුදයට අපි මුහුණ දිය යුතුයි. යහපාලන ආණ්ඩුව වගේ ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ණය අරගෙන නෑ. මේක ගෙනියන්න බැරි වුණු වෙලාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කියලා රටේ කොටසක් ඇමෙරිකාවට පාවා දෙන ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වුණා. අද බංග්ලාදේශයෙන් මිලියන 250ක් ණය ගන්නවා කියන අය ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 480ක් ගන්න මුළු රටම පාවා දෙන්න ගියා.” යැයි ද අමාත්‍යවරයා වඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img