-2.1 C
New York

ජල බිල්පත් නොගෙවා සිවුරේ බලය පෙන්වයි. වාසුගේ නීතිය සිවුරට බයවෙලා

Published:

ජල බිල්පත් ගෙවා තිබිය දී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජල සම්බන්ධතාව විසන්ධිකර ඇතැයි පවසමින් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (19) හම්බන්තොට දී උද්ඝෝෂණයක නිරතවූහ.

හම්බන්තොට ප්‍රාදේශීය ජල කළමනාකරණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හිමියන්, තමන්ට සිවුරු සෝදාගැනීමට හෝ ජලය නොමැතියැයි පවසමින් සිවුරු කිහිපයකට ද ගිනී තැබීමට කටයුතු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ තිස්සමහාරාම, කාවන්තිස්ස පුර, 111/ඒ දරණ ස්ථානයේ පිහිටි විහාරස්ථානය වෙනුවෙන් නියමාකාරයෙන් ජල බිල්පත් නොගෙවීම නිසා 2021 දෙසැම්බර් 24 දින වන විට රුපියල් 71,991.17 මුදල් එකතු වී තිබුනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිළිගත් ක්‍රමවේදයට අනුව අවස්ථා කීපයක දී මෙම හිඟ ජල බිල්පත් පියවීමට කටයුතු කරන ලෙස ගෞරවණීය ස්වාමීන් වහන්සේ වෙත දැනුම් දී තිබිණි.

පූජනීය ස්ථාන සඳහා ජල සැපයුම ලබාදෙන සහනදායී ගාස්තු ක්‍රමය මත මෙම විහාරස්ථානයට ද ජල සැපයුම ලබාදී ඇත.

රුපියල් පන්දහසකට වඩා ජල බිල්පත හිඟ වන අවස්ථාවේ දී ජල සැපයුම විසන්ධි කිරීමේ බලය ජල සම්පාදන මණ්ඩලයට නීත්‍යානුකූලව හිමිව ඇත.

එසේ වුවත් ප්‍රදේශයේ පූජනීය ස්ථානයක් වන බැවින් අවස්ථා කීපයකදීම ජලය විසන්ධි කිරීමක් නොකර මෙම බිල පියවීමට කටයුතු කරන මෙන් කාරුණිකව දැනුවත් කරන ලදී.

2022 ජනවාරි මස 13 වන දින රු.10,000.00 ක මුදලක් ගෙවු බවට ගෞරවණීය බත්තරමුල්ලේ සීලරතන හිමියන් දැනුම් දී ඇත. ඒ වන විට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර තිබිණි (මෙම ගෙවනු ලැබුවේ යැයි පවසන මුදල ද 2022.01.18 වන දින වන විටත් ගිණුම් ගත වී තිබුණේ නැත.)

සම්පූර්ණ හිඟ ජල බිල්පත නොගෙවා ඉන් කොටසක් පමණක් ගෙවන අවස්ථාවන්හීදි නැවත ජල සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කරනු ලබන අතර ඒ සඳහා ඉදිරියේ දී ක්‍රමානුකූලව ජල බිල්පත ගෙවනු ලබන බවට ප්‍රකාශයක අත්සන් කළ යුතු වුවද ගෞරවණීය බත්තරමුල්ලේ සීලරතන හිමි එම ප්‍රකාශය සඳහා අත්සන් කිරීම ද ප්‍රතික්ෂේප කර ඇත.

එසේ වුවද මෙම ස්ථානය ගරු ස්වාමීන් වහන්සේලා වැඩ වසන විහාරස්ථානයක් වන බැවින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නියමයෙන් එදිනම නැවත ජල සැපයුම ලබාදීමට කටයුතු කරන ලදී.

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර
අධ්‍යක්ෂ (මාධ්‍ය)
ජල සම්පාදන අමාත්‍යාංශය

Related articles

Recent articles

spot_img