-4.8 C
New York

චීනය, ශ්‍රී ලංකාවේ බඩගිනි නිවන්න මාස 05කට අවශ්‍ය සහල් දෙයි

Published:

මාස 05ක් සඳහා ප්‍රමාණවත් සහල් තොගයක් චීනයෙන් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණ කර ඇතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දැනුම් දී තිබේ.

චීන තානාපතිවරයා මේ බව මුදල් අමාත්‍යවරයාට දන්වා ඇතැයි ද පැවසේ.

චීන – ලකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර 70ක් සම්පූර්ණ වීම මෙම වසරේ දී සිදුවෙයි. ඒ වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් මෙලෙස නොමිලයේ ලැබීමට නියමිතය.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24කි. ඒ අනුව චීනයෙන් ලැ‍බෙන බව පවසන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ශ්‍රී ලංකාවේ මාස 05ක සහල් පරිභෝජනයට ප්‍රමාණවත් වෙයි.

Related articles

Recent articles

spot_img