-2.1 C
New York

වික‍්ටෝරියා ජලාශය හදිසියේම හිඳිලා. භූමිකම්පා සමඟ සම්බන්ධයක් දැයි සැකයක්

Published:

වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව අසාමාන්‍ය ලෙස අඩුවී ඇති බවත් ඒ හේතුවෙන් විදුලි උත්පාදනය බරපතල ගැටලුවක් වී ඇතැයි ද ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කරයි.

ජනවාරි සිට අප්‍රේල් මාසවල වික්ටෝරියා ජලාශය අවට සහ මහවැලි ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට අඩු වැසි ප්‍රමාණයක් ලැබෙන බැවින් වියළි කාලගුණිික තත්වය හේතුවෙන් අප්‍රේල් වනවිට ජලය අඩුවීම සාමාන්‍ය සංසිද්ධියකි.

ඉංජනේරුවරයා සඳහන් කරන්නේ වෙනත් වසරවල දී මාර්තු අප්‍රේල්වල දී ජලය අඩුවන තරමට ම මෙවර ජනාවාරි මාසයේ දී ම ජලය අඩුවීම බරපතල ගැටලුවක් බවයි. ජලාශයේ උපරිම ධාරිතාවට සාපේක්ෂව මීටර 10ක් පමණ විශාල ප්‍රමාණයකට ජලය අඩුවී තිබේ.

පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරන්නේ හුණුගල් ආශ්‍රිතව ඇතිි කිසිමය්ම භූ පැල්මකට ජලය බැසයාමෙන් මෙවැන්නක් සිදුවූවා ද යන්න සොයා බැලිය යුතු බවකි. එමෙන්ම පසුගිය මාස කිහිපයේ දී වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ඇති වූ භූ කම්පන හා මේ තත්වය අතර සම්බන්ධයක් තිබේ දැයි සොයා බැලිය යුතු බව ද මහාචාර්යවරයා පවසයි.

Related articles

Recent articles

spot_img