spot_img

ගාල්ලේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මංගල අභාවප්‍රාප්ත වෙයි

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සුගත් මංගල ගමගේ අද (19) අභාවප්‍රාප්ත වූයේය.

මියයන විට වයස අවුරුදු 51ක් වූ ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි.

ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාවේ දෙවැනි කණ්ඩායමේ සාමාජිකයකු වූ ඔහු ජාතික රූපවාහිනියේ ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තාකරු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය.

වසර 30කට අධික කාලයක් ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ මංගල ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කය පුරාම වීඩියෝ තාක්ෂණික ශිල්පියකු ලෙස අනූපමේය සේවාවක් ඉටු කළේය.

සහෝදරියන් දෙදෙනකුගේ සහ සහෝදරයන් දෙදෙනකුගේ පවුලේ හතරවැන්නා වූ මංගල මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ තරුණයන්ට මඟ පෙන්වූ අයකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුළයි.

ඔහුගේ දේහය අද (19) සවස යටලමත්ත, කුරුඳුහේන නිවසේ තැන්පත් කරනු ලබන අතර හෙට (20) සවස 6.00ට බද්දේගම ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles