ශිහාර් අනීස් සහ ඔමාර් රාජරත්නම් විසිනි
ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමෙන් අස්ථාවරත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ විදුලිය විසන්ධි කරන්නේ කවදාද ? නැතිනම් විදුලිය විසන්ධි නොවන්නේ ද යන්න මේ වනවිට මෙරට උණුසුම් පුවතක් බවට පත්ව තිබෙනවා. රටට අවශ්‍ය විදේශීය මුදල් හිඟ වීමෙන් ඇතිවී තිබෙන මූල්‍ය අවුලට කුමක් කළ යුතු දැයි රට වැසියා දන්නේ නැත. එය ආණ්ඩුව ද දන්නේ ද යන්න සැකයකි. විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් රටේ උද්ධමනය වැඩි වී ජීවන වියදම අතිශය ඉහළ ගොස් තිබෙන බවනම් සියලු දෙනාට දැනෙන සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. එමගින් රුපියල දිගින් දිගටම පහත වැටුණා. ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච් සහ ස්ටෑන්‍ඩර්ඩ්ස් ඇන් පුවර්ස් (S & P) පවසන්නේ රට ණය ගෙවිම් පැහැර හැරීම් ආසන්නයේ සිටින බවයි. චීනය ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව ගලවා ගනු අතැයි ද ඉන්දියාව විස්මිත සහනයක් දෙනු ඇතැයි ද බොහෝ පාර්ශවයන් විශ්වාසය තබා තිබෙනනා. එවැනි දෙයක් සිදුවන්නේ කෙසේ ද ?
කලාපයේ බලවතා වන ඉන්දියාව ආහාර සහ ඖෂධ සඳහා ඩොලර් බිලියන 01ක ණය මුදලක්, ඉන්ධන සඳහා වූ ඩොලර් මිලියන 500ක ණය මුදලක් සහ ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබාදෙන ඩොලර් මිලියන 400ක සංචිත හුවමාරුවක් සඳහා එකඟතාව පළකර තිබෙනවා. ආසියානු නිෂ්කාශන සංගමයට මාස දෙකකින් ගෙවීමට නියමිතව ඇති ඩොලර් මිලියන 515ක මුදල සඳහා වැඩි කාලයක් ලබාගැනීමට ද ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ භූ උපායමාර්ගික ආර්ථිකය සැහැල්ලුවට ගැනීමේ වැරැද්ද ඉන්දියාව නැවත සිදු නොකරනු ඇත. රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මුලින්ම ඉන්දියාවට ලබාදුන්න ද එයට ඉන්දියාවෙන් ලැබී තිබුණේ ඇල්මැරුණු ප්‍රතිචාරයක්. නමුත් චීනය එම ව්‍යාපෘති යෝජනාව භාර ගනිමින් ශ්‍රී ලංකාවේ බිම් මට්‍ටමේ අවධානය දිනාගැනීමට සමත්වුණා. බටහිර අභිබවා යමින් චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යාපෘති තම වාසියට හරවානොගැනීමේ අවධානම ඉන්දියාවට වැටහී ඇති බවට සැකයක් නැහැ. මීට අමතරව මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් 2021 අගභාගයේ දී සිරෙන් නිදහස් වූ පසු “ඉන්දියා අවුට්” ව්‍යාපාරය යළි පන ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව වඩාත් අවදානමට ලක්වන අවස්ථාවක දී තමන් ආරක්ෂා කරගැනීමට හෝ ග්‍රහණයෙන් මිදීමට ඉඩදීමෙන් අසරණව සිටින ශ්‍රී ලංකාව චීනයේ දෑත් අතරට හිරකළ හැකි අතර ත්‍රිකුණාමලයේ තෙල් සංකීරණ ගිවිසුමෙන් සහ යොහානිගේ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණය සමඟ බලශක්ති අවශ්‍යතාවයේ ඇති හානිකර බලපෑම අවම කිරීමට හැකිවනවා.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ජනවාරි 16 වැනි දා කරුණු හතකින් සමන්විත මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළ අතර එමගින් ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය ද විස්තර කළා. ශ්‍රී ලංකාවේ සභාග දෙමළ පක්ෂ සමඟ පැවැති රැස්වීමක් අවලංගු කළ මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මේ සතිය මුල දී දිල්ලියට ගොස් ආධාර පැකේජය පිළිබඳ පුවත මධ්‍යම ආණ්ඩුවට ගෙන ඒම සඳහා කටයුතු කළා. එය ශ්‍රී ලංකාවේ ආර්ථික දුක්ඛිතභාවයට දෙන ප්‍රමුඛතාවය සහ චීන සාධකය කෙරෙහි දක්වන ප්‍රමුඛතාව ඉන් පැහැදිළි වනවා. ශ්‍රී ලංකාව තුළ වඩාත් වේගවත්, විශාල සහ දෘශ්‍යමාන ආකාරයෙන් ක්‍රියාකිරීමට එම කරුණු ඉන්දියාවට වැඩි බලපෑමක් කරන බව පැහැදිළියි.
චීන-ඉන්දියානු සහාය තිබියදීත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට සුසංයෝගී දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තික් නැහැ. මෙය ණය සහ විදේශ විනිමය අර්බුදය තව තවත් උග්‍ර කිරීමට හේතුවක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම ගැටලුව සම්බන්ධයෙන් ආර්ථික වශයෙන් කිසිවෙකුට සවන් නොදෙන ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටින්නේ කරදර වීමට කිසිවක් නොමැති බව ද ප්‍රකාශ කරමිනුයි.
ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබාදුන් දත්ත හා තොරතුරු වැරදියැයි ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය සාකච්ඡාවල දී පවා මහ බැංකු බලධාරීන් සමඟ සූදානම් කළ ප්‍රශ්නවලට පිළිතුරු එල්ල කරන අතර අවම වශයෙන් රජයේ නොසැළකිලිමත් ප්‍රතිිපත්ති කිසිවක් නිවැරදි කරන බවක් පෙනෙන්නට නැහැ. පහත දැක්වෙන්නේ 2020 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල අවක්ෂේප වූ ආකාරයයි.
රාජපක්ෂ – කබ්රාල් සුසංයෝගය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්නය ඉතා මැනවින් ආමන්ත්‍රණය කළ යුතුයි. රාජ්‍ය ආදායමට වඩා වියදම් කිරීමට හේතුවන මූල්‍ය අසමතුලිතතාවය සහ විදේශ විනිමය රට තුළට ගලා ඒනවාට වඩා මුදල් පිටතට ගලායාමක් වාර්තා කර ඇති සංචිත හිඟය ඔවුන්ගේ සංවේදී ප්‍රකාශවලට වඩා හොඳින් දෘශ්‍යමාන වන තත්වයට පත්ව තිබෙනවා.
අසාර්ථක ප්‍රතිපත්ති
හීන වී ඇති විදේශ විනිමය තවදුරටත් රටින් පිටතට ගලායාම වැළැක්වීමට ඇමෙරිකානු ඩොලර් ආරක්ෂා කිරීමට ආනයනය සීමා කළා. එමෙන්ම බැංකු මගින් මුදල් හුවමාරු කිරීම් හැරුණු විට වෙනත් මාර්ග ඔස්සේ සිදුවන සියලුම නීතිවිරෝධී මුදල් ප්‍රේෂණවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ තත්වයක් හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලංකිකයන් මුදල් රටට එවීම විශාල වශයෙන් අඩුවුණා. මෙය වඩාත් ගැටලු සහගත වූයේ මහ බැංකුව විසින් ඩොලරයකට රුපියල් 200.00ක් වැනි මුදලක් නියම කර එය බලහත්කාරයෙන් පවත්වාගෙන යාම හේතුවෙනුයි. නමුත් සැබැවින්ම මහ බැංකුවේ ස්ථාවරය ඩොලරයට රුපියල් 200.00ක් වුව ද එහි වටිනාකම මේ වනවිට රුපියල් 250.00ක් පමණ විය යුතුයි. මේ හේතුවෙන් නිත්‍යානුකූල වෙළෙඳ පොළෙන් පිටත ගනුදෙනු විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2020 වර්ෂයට වඩා 2021 වර්ෂයේ විදෙස් ගත ශ්‍රමිකයන් විසින් එවා ඇති මුදල් 60%කින් පහත වැටීමට එය ප්‍රධාන හේතුවක් වනවා.
කෘත්‍රිමව අඩු පොලී අනුපාත පවත්වා ගැනීම සඳහා අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම ඉලක්කම් දෙකක උද්ධමනයට හේතු වී තිබෙනවා. අවදානම් රහිත භාණ්ඩාගාර බිල්පත් අනුපාතය වන සියයට 8.45 ට වඩා උද්ධමනය ආසන්න වශයෙන් 4% කින් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මිනිසුන්ට ඔවුන්ගේ තැන්පතු අහිමිවනවා. වාහන ආනයන සීමා කිරීම් නොතකා ආනයන වියදම වසර පහක් තුළ ඉහළම අගය වන ඩොලර් බිලියන 21.5 දක්වා ළඟා වීම නිසා 2021 දී ආනයන සීමා කෙරුණා.
දිවයිනේ ආර්ථිකය තිරසාර මාවතකට ගෙන ඒම සඳහා නිර්භීත ප්‍රතිපත්තිමය පියවර ගැනීමට වඩා රජය ජනප්‍රියත්වය ස්ථාවරව තබාගැනීම සඳහා කටයුතු කරන බොහෝ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට, බදු වැඩි කිරීමට, රජයේ අනවශ්‍ය වියදම් අඩු කිරීමට, අයවැයෙන් බැහැර සහන පැකේජවලින් වැළකී සිටීමට සහ පොළී අනුපාත අඩු මට්ටමක තබා ගැනීම සඳහා අතිරික්ත මුදල් මුද්‍රණය කිරීමෙන් වැළකීමට රජය දක්වන දෙගිඩියාවෙන් පෙන්නුම් කරන්නේ තම ඡන්දදායකයින් කැළඹීමට තුඩු දිය හැකි මූලික ප්‍රශ්න සමඟ කටයුතු කිරීමට රජය සූදානම් නැති බවයි.
මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ ආධාර සඳහා ප්‍රතිඋපකාර වශයෙන් කප්පාදු ඉල්ලා සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ජනප්‍රිය විසඳුම් සොයන කබ්රාල්-රාජපක්ෂ, රුචියක් දක්වන්නේ නැහැ.
පැස්බරා ප්‍රවේශය
මූල්‍ය විචක්ෂණභාවය ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසාර අඩියකට ඔසවා තැබීමට අපේක්ෂා කළ බැසිල් රාජපක්ෂ රුපියල් බිලියන 229 ක අලුත් අවුරුදු සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළා. එය 2022 අයවැය යෝජනාවලට පරිභාහිරව සිදුකරනු ලැබූවක්. එමෙන්ම ඇතැම් තීරණාත්මක අංශ සඳහා වෙන්කිරීම් අයවැයෙන් කප්පාදු කර තිබෙනවා. මිට ඉහත බලයට පත්වූ රජයයන් සිදුකළ ආකාරයට සම්ප්‍රදායිකව ප්‍රාග්ධන වියදම් සහ සෞඛ්‍ය වැනි ප්‍රධාන අංශ සඳහා ප්‍රතිපාදන කප්පාදු කළා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍ය නොවන ක්‍රියාවලියක්.
අඩු ආදායම්ලාභී කණ්ඩායම් සහ දෛනික වැටුප් ලබන පුරවැසියන් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට දැඩි අරගලයක නිරතව සිටිනවා. ආහාර හිඟය සහ වේගයෙන් මිල ඉහළ යාමේ හේතුවලට විසඳුම් සෙවීම වෙනුවට වියදම් දිරිමත් කිරීම සඳහා මිනිසුන්ට වැඩි මුදලක් ලබා දීමට රජය උත්සාහ කරන බව පැහැදිලියි. එවැනි ප්‍රතිපත්ති ජීවන වියදම ඉහළ නංවා ඇති අතර වැටුප් වැඩිකිරීම් සඳහා ඇති ඉල්ලුම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනවා. කොර ගසන ආර්ථිකයන් සහිත ජාතීන්ට ආධාර සැපයීමේදී IMF, වළක්වා ගැනීමට උත්සාහ කරන්නේ මේ සියල්ලයි.
2019 නොවැම්බර් 16 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ දා සිට, 2019 දෙසැම්බර් මාසයේ දී ආරම්බ කළ අගය එකතු කළ බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම හැර ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති කිසිවක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ. බොහෝ විශ්ලේෂකයින් මෙය සලකන්නේ බොහෝ ප්‍රමාද වූ පියවරක් ලෙසයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රජයට වාර්ෂිකව රුපියල් බිලියන 600ක් (ඩොලර් බිලියන 3ක්) බදු ආදායමක් අහිමි වී තිබෙනවා. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වඩාත් දුරස්කරන ප්‍රයෝග ලෙස හැඳින්විය හැකියි.
මූඩි ආර්ථික ප්‍රතිපත්ති
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර කිරීමට මහ බැංකුවේ මුරණ්ඩු පියවර විදේශ විනිමය වෙළෙඳපොළේ අවිනිශ්චිතතාවය වැඩි කළා. බොහෝ අපනයනකරුවන් තම විදේශ මුදල් ඉපැයීම් තියුණු ලෙස ක්ෂය වීමේ අවදානම හේතුවෙන් මුදල් හැකිතාක් දුරට ශ්‍රී ලංකාවෙන් පිට තබා ගැනීමට උත්සාහ කරන අතර සමහර අපනයනකරුවන් වෙහෙස මහන්සි වී උපයන සෑම ඩොලරයක් සඳහාම වැඩි මුදලක් ලබා ගැනීමට ආනයනකරුවන් බවට පත් කර තිබෙනවා.
කබ්රාල් ඔහුගේ මාස හයක මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති රාමුව හරහා අපනයන, ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 11.45ක් ගලා එන බවත් 2021 අවසන් වන විට නිල සංචිත ඩොලර් බිලියන 3.5ක් වනු ඇති බවත් ඇස්තමේන්තු කළා.
ණය හෝ ආයෝජනය හරහා මුදල් ලබා ගැනීමට කළ සෑම උත්සාහයක්ම අසාර්ථක වූ පසු, ඔහු පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔහුගේ පූර්වගාමියා වූ ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යටතේ අත්සන් කරන ලද යුවාන් බිලියන 01 ක චීන හුවමාරුව ලබා ගත් අතර ඔක්තෝබර් 01 වන දින ඔහු සඳහන් කළ පරිදි තම සංචිත ඉලක්කය සපුරා ගත් බව පැවසුවා.
සංචිත කළමනාකරණයේ යථාර්ථය පැහැදිලි වන්නේ ආණ්ඩුව සහ මහ බැංකුව සිය සියලු විදේශීය හවුල්කරුවන්ගෙන් ඩොලර් සෙවීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරන ආකාරයෙනුයි.
එවැනි සාකච්ඡා පිළිබඳ දැනුමක් ඇති සමහර රාජ්‍ය නිලධාරීන් පවසන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය අර්බුදය සහ සියලුම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හේතුවෙන් විදේශ රටවල් ශ්‍රී ලංකාවට පෙර තරම් ණය දීමට අකමැති බවයි. නුදුරු අනාගතයේ දී Moody’s වෙතින් තවත් පහත වැටීමක් සිදුවෙතැයි විශ්ලේෂකයෝ බිය පළකරති.
ජාත්‍යන්තර ආධාර ඉල්ලා ඇත
මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නායකත්වයෙන් යුතුව මහ බැංකු නිලධාරීන් කටාර්, ඕමානය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සාකච්ඡා සඳහා මැද පෙරදිගට ගිය නමුත් තවමත් ණයක් හෝ හුවමාරු විධිවිධානයක් ලැබී නැහැ. ඕමානයෙන් තෙල් සඳහා ලබාගත් ඩොලර් බිලියන 3.6ක ණයක් පවා ගෙවා අවසන්ව ඇතත් මෙතෙක් වෙනත් කිසිදු සැළකිය යුතු දෙයක් ලබාගැනීමට හැකි වී නැහැ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය ප්‍රතිඥා දී තිබෙනවා. කටාර් වෙතින් ඩොලර් මිලියන 500 ක හුවමාරු වැඩපිළිවෙළක් ගැන ද සාකච්ඡා කරමින් තිබෙන බව පැවසෙනවා.
ණය සහ විදේශ විනිමය හිඟ අර්බුදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සභාග ආණ්ඩුවට වත්කම් බදු දීමට බල කර ඇති බව පැහැදිළියි. මහ බැංකුව සිය මාස හයක ප්‍රතිපත්ති රාමුව තුළ “ඌන උපයෝගි කරගත් වත්කම්වලින් මුදල් ඉපැයීම” යටතේ ලීසිං වත්කම්වලින් ඩොලර් බිලියන 01ක් උපයා ගැනීමට ඇස්තමේන්තු කළා.
ආන්ඩුව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, ජපානය සහ සමහර යුරෝපීය රටවල් වැනි ප්‍රධාන බලවතුන් ප්‍රති තුලනය කිරීමයි. එක්සත් ජනපදය පදනම් කරගත් New Fortress Energy සමාගමට යුගධනවි ගණුදෙනුව පිරිනැමීම, බටහිර බහාලුම් පර්යන්තයේ (WCT) ඉන්දියාවේ පුද්ගලික අයිතිය ඇති Adani සමූහ ව්‍යාපාරයට 51% කොටස් හිමිකමක් ලබා දීම සහ දශක ගණනාවක් පුරා පැවති ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පවරා දෙමින් ගිවිසුම් අත්සන් කිරීම එවැනි ප්‍රති තුලනය කිරීම් වලින් කිහිපයක් බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.
එමෙන් ම චීනයට තවත් ව්‍යාපෘති ලබා දී ඇති අතර, මේ දූපත් රාජ්‍යය තුළ චීනය අත්පත් කරගන්නා වර්ධනය ඉන්දියානු සාගර කලාපයට තර්ජනයක් ලෙස සැලකෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය නොලබා ස්වෛරී ණය පැහැර හැරීමකින් ගැළවීමට අවශ්‍ය නම්, ප්‍රති තුලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා සුළු තේරීමක්. කබ්රාල් සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනාම ඔවුන්ගේ තුවක්කුවේ එල්ලී සිටිති – ඔවුන් රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට IMF ගනුදෙනුවක් සොයන්නේ නැත. ශ්‍රී ලංකාව මෙම ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට බුද්ධිමත් නායකත්වයකට ඉන්දියාව, චීනය, මැදපෙරදිග, ආසියාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය එකවර ලබා ගත හැකියි. ණය දෙන්නන්ට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා නායකත්වය වගකීමෙන් යුතුව ආධාර භාවිතා කිරීම යන කරුණ පමණයි. කබ්රාල් සහ රාජපක්ෂ එක් ණය දෙන්නෙකුට විරුද්ධව නැඟී සිටීමට හෝ ඊටත් වඩා නරක ලෙස හිඟන්නන් තෝරා ගැනීමට ශ්‍රී ලංකාවට බලය ඇත යන මායාව අල්ලාගෙන සිටියහොත් පාඩුව සිදුවන්නේ සමස්ත ශ්‍රී ලාංකීය ජාතියටම ය.
ලේඛකයන්
ෂිහාර් අනීස් යනු ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ (CIR) ශ්‍රී ලංකාවේ පුහුණු ප්‍රධානියා වන අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා රොයිටර් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවකු ද වෙයි. [email protected] හෝ Twitter @shiharaneez ඔස්සේ ඔහු සම්බන්ධ කරගැනීමට හැකියාව ඇත.
ඹමාර් රාජරත්නම් Factum හි සම නිර්මාතෘවරයා වෙයි. ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හිටපු සන්නිවේදන ප්‍රධානියා ලෙස කටයුතු කරයි. [email protected] ඔස්සේ ඔහු සමඟ සම්බන්ධවීමට පුළුවන.
මෙම ලිපිය Factum ආයතනය විසින් සපයනු ලැබූවකි
Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්චනයකි.