-5.9 C
New York

චරිත් අසලංක ශ්‍රී ලංකා උප නායකත්වයට

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට චරිත් අසලංක පත්කර තිබේ.

මෙතෙක් උපනායකයා ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වා සිම්බාබ්වේ තරඟාවලියට ක්‍රීඩා කරන්නේ නැත.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ චරිත් අසලංක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය.

ඉතාමත් විශ්වාසවන්ත පිතිකරුවකු ලෙස සැළකෙන අසලංක අනාගත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයන් පවා අනාවැකි පළකරති.

Related articles

Recent articles

spot_img