-5.9 C
New York

බැඳුම්කර මුදල් ගෙවීම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට රුකුලක් වෙයි

Published:

කොළඹ කොටස් වෙළඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 61,617ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,110ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 118.7කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය 13,457ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර වැලිබල් ෆිනෑන්ස් සමාගම ‍රුපියල් මිලියන 582ක්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 557ක්, සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 454ක් ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කෙටස් මිලියන 33ක්, ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 23ක්, එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 22ක් ලෙසත් ප්‍රමුඛ විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 771ක වත්කම් හිමිකරගෙන ඇති එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේත්, රුපියල් බිලියන 643ක වත්කම් හිමිකරගෙන ඇති එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් බිලියන 242ක වත්කම් හිමිකරගෙන තුන්වැනි ස්ථානයේත් රැඳී තිබිණි.

මර්චන්ට් ෂිපිං සමාගමේ කොටස් මිල 49%කින් ද, අමානා ලයිෆ් සමාගමේ කොටස් මිල 24%කින් ද, වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටසක මිල 22%කින් ද ඉහළයාම අද දිනයේ කැපී පෙණිනි.

සංවෘත කවය තුළ, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගමේ කොටස් 2,965,000ක් රුපියල් 28.00 බැගින් ද, ටෙක්සචර්ස් ජර්සි සමාගමේ කොටස් මිලියන 2.5ක් රුපියල් 52.00 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් හිමියන් සඳහා එක් කොටසක් වෙනුවෙන් රුපියල් 3.00ක ලාභාංශයක් නිකුත් කර තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන සඳහා රුපියල් මිලියන 15ක මුදලක් යොදවා තිබීම කැපී පෙණිනි.

විදේශ ආයෝජකයන් ‍රුපියල් මිලියන 183ක කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 198ක කොටස් මිල දී ගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 82යි, හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 28යි, එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 27යි, කෙමනෙක්ස් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 11යි සහ හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 6.9යි වශයෙන් ද විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 33යි, සොෆ්ට් ලොජික් හෝලඩින් සමාගම රුපියල් මිලියන 28යි, බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 23යි, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 22යි සහ ජැට් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 13යි වශයෙන් ද ප්‍රමුඛ විය.

2022 තුන්වන කාර්තුව සඳහා වාර්තා නිකුත්වන බොහෝ සමාගම් අධික ලාභයක් ලබා තිබීමත්, ශ්‍රී ලංකාව අද දිනයේ ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවිය යුතුවව තිබූ මුදල් නිසි පරිදි ගෙවා තිබීමත්, ඉන්දියාව හා ජපානය ඇතුළු රටවලින් දී ඇති මූල්‍ය පහසුකම් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ තවදුටත් වේගයෙන් ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

එහි සමස්ත කොටස් මිල දර්ශකය කඩිනමින් ඒකක 15,000 ඉක්වීමට සමත්වන බව පෙනෙන්නට තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)  

Related articles

Recent articles

spot_img