සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි උත්පාදනය අද (18) සිට නැවත දැනුම් දෙනතුරු නතර කර තිබෙබ්.
මෙලෙස විදුලි ජනනය නතර කර ඇත්තේ ඒ සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙනි.
සපුගස්කන්ද බලාගාරය දැවිතෙල් භාවිතයෙන් ද කැලණිතිස්ස බලාගාරය ඩීසල් භාවිතයෙන් ද විදුලි ජනනය සිදුකරන බලාගාර දෙකකි. මේ බලාගාර දෙක ක්‍රියාවිරහිත වූ විට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් අහිමිවෙයි.