විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍යවරයා විසින් ලංකා ඉන්දියානු ඔයිල් සමාගමෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
අතිරේක ඉන්ධන නොමැති බැවින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදිය නොහැකි බව එම සංගමය පැවසූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ කියයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසන්නේ අද (18) සවස 5.00න් පසු කැලණිතිස්ස විදුලි බලාගාරයේ ඉන්ධන තොග අවසන්වන අදින්පසු එම බලාගාරය ක්‍රියාවිරහිත වීමට නියමිතය.
එසේ වුව ද ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පවසන්නේ මේ වනවිට කොළඹ වරායේ ඇති තෙල් නැවකින් අද සවස්වනවිට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගැනීමට හැකිවනු ඇති බවයි. ඒ පිළිබඳ මහබැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව ද ඔහු කීවේය.
එලෙස ඉන්ධන ලබාගත නොහැකි වුවහොත් අද (18) රාත්‍රියේ සිට පැය එකහමාරක් විදුලිය විසන්ධිකිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා පිළිගත්තේය.
එලෙස විදුලිය විසන්ධිකිරීමට අවශ්‍ය කාල සටහනක් සකසන ලෙස ද බලධාරීන්ට දැනටමත් උපදෙස් දී තිබේ.
වෘත්තීය සමිති පවසන්නේ කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දැනටමත් නවතා ඇති බවයි.