-4.8 C
New York

“වසංගතය නිසා වසර 05ට නියමිත වැඩවලට බාධා එල්ල වුණා” ජනපති පාර්ලිමේන්තු සැසිය විවෘතකරමින් කියයි

Published:

පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනය දැන්වත් නතර කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) නම වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘතකරමින් කියා සිටියේය.

පාර්ලිමේන්තු සැසිවාරය විවෘතකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක විසින් පිළිගන්නා ලදී.

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ පිරිසක් ජයමංගල ගාථා ගැයූහ.

ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් පිඩාවට පත්ව සිටින මෙවන් අවස්ථාවක රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමේ ජාතික වගකීම සියලු මහජන නියෝජිතයන්ට පැවරෙන බව ද ජනාධිපතිවරයා කීවේය. වසර 05 ක් තුළ නිශ්චිත වැඩ කොටසක් ඉටුකිරීමට ජනතාවට පොරොන්දු වුවද කොරෝනා හේතුවෙන් බාධා එල්ල වූව බව ද එහෙත් රජයේ වගකීම ඉටුකිරීම කිසිම අවස්ථාවක අමතක නොකරන බව ද ජනාධිපතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය.

කෙතරම් ආර්ථික දුෂ්කරතා මතු වුවද ජනතාවගේ සෞඛ්‍යය ප්‍රමුඛතාව සේ සලකා අවශ්‍ය සියලු පිරිවැය දැරීමට රජය කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සිහිපත් කරනු ලැබීය.

මත්ද්‍රව්‍ය උවදුර මුලුමනින් තුරන් කිරීමට ආරම්භ කළ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංවන බව පැවසූ ජනාධිපතිතුමා රටේ බරපතළ ලෙස ව්‍යාප්තව තිබූ පාතාලය මර්ධනයට පසුගිය වසර දෙක තුළ රජය ක්‍රියා කළ බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාව නිරතුරුවම ජාත්‍යන්තර නීතිවලට සහ සම්මුතීන්ට ගරු කරන රටකි. තම පාලන කාලය තුළ ද කිසිඳු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල නොදුන් බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජාතිවාදය තමන් ප්‍රතික්ෂේප කරන බවත් වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එක සේ ආරක්ෂා කිරීම බවත් පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ සංහිදියාව සහ රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිඳු වෙනස්කමින් තොරව සියලු ජනතාවට පහසුකම් සැපයීම බවයි.

ජනාධිපතිවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහත සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img