-2.1 C
New York

ජාතික පාසලක සිසුන්ටත්, ගුරුවරුන්ටත් කොරෝනා. රෝග ලක්ෂණ සහිත සිසුන් හරවා යවයි

Published:

ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් සහ ගුරුවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් 10 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව විදුහල්පතිවරයා පවසයි.

ළමුන් 08 දෙනකු සහ ගුරුවරු 03 දෙනකු කෙ‍ාරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබේ. මේ හේතුවෙන් සමස්ත පාසල ම විෂබීජහරණය කරන බව ද විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් කියයි.

අද (18) දිනයේ පාසලට පැමිණ සිටියේ සිසුන් 150 දෙනකු ගුරුවරුන් 63 දෙනකු පමණ පිරිසකි. ඔවුන් අතරින් ද රෝග ලක්ෂණ තිබූ සිසුන් පිරිසක් ආපසු නිවෙස්වලට යැවීමට කටයුතු කර තිබිණි.

විදුහල්පතිවරයා පවසන්නේ පාසලට නොපැමිණි සිසුන්ට සහ කොරෝනා ආසාදනය වූ සිසුන්ට ද ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදිමට කටයුතු කර තිබෙන බවයි. මේ වනවිට ආසාදිත සිසුන්ගේ ආශ්‍රිත වූ ළමුන් 500ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර ගුරුවර ගුරුවරියන් පිරිසක් ද නිරෝධායනයට යොමුකර තිබේ.

Related articles

Recent articles

spot_img