-5.2 C
New York

“ණය ගෙවන බව කියා ජනතාවට ඇස්බැන්දුන් කරනවා” ශ්‍රීලනිපයෙන් සැර කතාවක් එළියට එයි

Published:

ලෝකයේ සියලු ආර්ථිික විශේෂඥයන්ගේ උපදෙස් නොතකා බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට රජය කටයුතු කරන්නේ එම ආයෝජන සිදුකර ඇති පුද්ගලයන් රාජපක්ෂ පවුලේ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඥාතීන් නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

“ලෝකයේ ආර්ථික විශේෂඥයන් හැමෝම කියනවා මේ බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක් හදිසියේම ගෙවන්න එපා ඒක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරලා කල් ඉල්ගෙන ප්‍රශ්න ටික අවසන් කරගන්න කියලා.  විදේශ ණය ආපසු ගෙවනවා කියල මහ බැංකු අධිපතිවරයා කිව්වා. කවුද මේවට ආයෝජනය කළේ. සාමාන්‍ය මිනිස්සු හිතනවා ණය ගෙවන්න ලෑස්තිවෙනවා ආණ්ඩුව කියලා. නමුත් මේ මුදල හදිසියේම ගෙවන්න හදන්නේ ඒවායේ ආයෝජනය කළේ රාජපක්ෂ පවුලේ සහ අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඥාතීන්, හිතවතුන් සහ මිත්‍රයන් නිසා. ඔවුන්ට වැඩි ලාභයක් ලබාදෙන්න තමයි මේ මුදල් ගෙවන්නේ. මේ බැඳුම්කර ගෙවන්න කල් ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ණය නොගෙවා ඉන්න නොවෙයි. දේශපාලනික වශයෙන් මිනිස්සු මෝඩයෝ කරලා, අඳ බාලයෝ කරලා, ඇස් බන්දලා මිනිසුන්ට කියනවා අපි ණය ගෙව්වා කියලා. නමුත් ණයක් ගෙවන්නේ නෑ”

Related articles

Recent articles

spot_img