spot_img
spot_imgspot_img

PCR කට්ටලවලින් කෝටි ගණනක් හොරා කාලා

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය හේතුවෙන් මුල්ලේරියාවේ ඉදිකළ රසායනාගාරයේ පීසීආර් කට්ටලවලින් රුපියල් කෝටි හතරහමාරක හෙවත් ලක්ෂ 450ක වංචාවක් සිදුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ් පවසයි.

එම රසායානාගාරය ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් කෝටි 25ක් හෙවත් ලක්ෂ 2,500 කි.

ඔහු පෙන්වාදෙන්නේ මෙම රසායනාගාරයේ කෝටි 05ක්වත් (ලක්ෂ 500ක්) වටින උපකරණ දක්නට නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“රසායනාගාරය භාරව සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම තාක්ෂණික ඇගයීම් කමිටුවල අත්‍යවශ්‍ය පාර්ශව මඟහරිමින් මෙහි කටයුතු සිදකුර තිබෙනවා. ඒ වගේම උපකරණ සඳහා දේශීය නියෝජිතයන් සහ නිලධාාරීන්ට ජාත්‍යන්තර පුහුණු අවශ්‍ය නොවන බව ද පවසමින් මෙය පවත්වාගෙන ගොස් තිබෙන්නේ තනිකරම ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගේ  වුවමනාවට. මේ තමයි ශ්‍රී ලංකා සෞඛ්‍ය ඉතිහාසයේ වැඩිම මුදලක් වැයකරමින් ඉදිකරපු පීසීආර් රසායනාගාරය තනිකරම සුදු අලියෙක්.”

ඔහු සඳහන් කරන්නේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ගේ වුවමනාව මත නියමිත පටිපාටියෙන් බැහැරව ප්‍රතික්‍රියක කට්ටල 30,000ක් මිල දී ගැනීම සඳහා රුපියල් කෝටි 09ක් (ලක්ෂ 900) ක් වැය වූ බව පෙන්වා තිබුණ ද ඔක්තෝබර් මාසයේ මිල දී ගත් එම කට්ටල සඳහා ගෙවා ඇති මුදල ලක්ෂ 450ක් පමණක් බවයි. ඉතිරි මුදලට සිිදුවූ දෙයක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එමෙන් ම මාස දෙක තුනක කාලයක දී එකම මිල දී ගැනීමක් සඳහා ඩොලර් ලක්ෂ 02කට වැඩි මුදලක් අඩු වී ඇතැයි ද හෙතෙම පවසයි.

“දේශීය නියෝජිත ආයතනයක් නොමැතිව යම් මිලදී ගැනීම් සිදුකිරීමේ දී විශාල අක්‍රමිකතා සිදුවන බව අපි දන්නවා. මේ රසායනාගාරයේ භාවිතා කිරීමට යැයි කියමින් 2020 මැයි මාසයේ දී ලබාගත් පීසීආර් ප්‍රතික්‍රීයක කට්ටලයක් සඳහා ඩොලර් 15ක පමණ ඉතා අධික මුදලක් ගෙවා තිබෙනවා. මේ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතිනවා. ඔක්තෝබර් මාසයේ දී එවැනි කට්ටලයක් ඩොලර් 7.5ක මුදලකට සපයා තිබෙනවා. පීසීආර් කට්ටල සඳහා ලෝකයේ ඉල්ලුම වැඩි වෙද්දී එහි මිල දිනෙන් දින ඉහළ යමින් තිබිය දී මැයි මාසයේ එක කට්ටලක් වෙනුවෙන් වැය කළ මුදලට වඩා ඔක්තෝබර් මාසයේ දී හරි අඩකින් අඩු මුදලක් තමයි වැය කරලා තියෙන්නේ. මෙය කිසිසේත්ම සාමාන්‍ය තත්වයක් නොවෙයි.”

මුල්ලේරියාව රසායනාගාරයේ ප්‍රතිපාදන භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා දැනට මාස 18ක් ගත වී ඇතත් එයට කිසිදු ප්‍රතිචාරයක් නැතැයි ද කුමදේශ් කීවේය.

අපිට තවත් ගැටලු රැසක් තියෙනවා.

“මේ රසායනාගාරය ඉදිකිරීමට කෝටි 25ක් වැනි මුදලක් වැය වුණේ කොහොමද ? රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ක්‍රියාවලියෙන් ඉවත් ‍කළේ කුමක් නිසා ද ? තාක්ෂණික ඇගයුම් කමිටු සඳහා අනිවාර්යයෙන් ම සම්බන්ධ විය යුතු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ  වෘත්තීය වේදීන් සහභාගී කරනොගත්තේ ඇයි ? දේශීය නියෝජිත ආයතනයක් නොමැතිව උපකරණ ගෙන්වූයේ කෙසේ ද ?”

රවී කුමදේශ් සඳහන් කරන්නේ එම ප්‍රශ්නවලට අදාල බලධාරීන් වහාම පිළිතුරු ලබාදිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!