-5.9 C
New York

තෙල් තොග අද සවස අවසන්. විදුලි උත්පාදනය ගැටලුවක් වෙයි

Published:

විදුලිබලය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අද (18) සවස 5.00 පමණ වනවිට අවසන්වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එම සංගම‍යේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ ඉන්පසු කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය නවතා දැමීමට සිදුවන බවයි. එහි විදුලි උත්පාදනය අවසන් වූ විට මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමිවන බවත් එය සමතුලනය කිරීමටනම් පැය 01යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් හෙතෙම පෙන්වාදෙයි.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය ඩොලර් ගෙවා තෙල් ලබා නොගන්නේ නම් කිසිම ආකාරයකින් විදුලි උත්පාදනයට තෙල් ලබාදිය නොහැකි බවයි. වාහන ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන පවා ගෙන්වීම අර්බුදයක් වී ඇති බැවින් ඩොලර් දෙන්නේ නම් තෙල් ලබාදිය හැකි බව ඇමතිවරයා කීවේය.

කෙසේ වෙතත් අද (18) විදුලිබල මණ්ඩලයට තෙල් ලබාදීම සම්බන්ධයෙන් ඉහළ පෙලේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මේ අතර ඊයේ (17) දිනයේ වාර්තා වූයේ ලංකා විදුලිබල මණ්ඩලය ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනි (Lanka IOC) වෙතින් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තොග ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. එම සමාගම ද තෙල් ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම බරපතල ගැටලුවක් වනු ඇත.

Related articles

Recent articles

spot_img