ජනවාරි අවසන් සතියේ මෙරටට ළඟාවනු ඇතැයි කියන තෙල් නැව මේ වනවිට අදාල වරායෙන් පිටවීම සඳහා සූදානමක් හෝ නැතැයි ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වාදෙයි.
පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසන්නේ මේ හේතුවෙන් ඉදිරියේ දී බරපතල ප්‍රශ්න රැසක් උදාවන බවයි.
එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ජනවාරි 25-26 දිනවල දී මෙරටට ළඟාවීමට නියමිත තෙල් නැව් මේ වනවිට අදාල රටවලින් පිටත්වීම සඳහා සූදානම්ව තිබිය යුතු බවයි. නමුත් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය හේතුවෙන් එම නැව් පැමිණීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බව ද බලධාරීන් කෙසේ හෝ තෙල් ගෙන්වාගැනීමට කටයුතු කළ යුතුබව ද සභාපතිවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේය.