spot_img

මීළඟ කොරෝනා රැල්ල, පාසල් ළමුන් අතරින් සමාජගත වෙයි ?

පුවත්

විදෙස්

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ හදිසි වැඩිවීමක් පෙන්වන බව නිවෙස්ගත ප්‍රතිකාර ඒකකේය ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි.

ඉදිරි සති දෙකතුළ දී පාසල් දරුවන් හරහා කොරෝනා රැල්ලක් පැතිරීයාමේ අවධානමක් තිබෙන බව ද ඇය කියා සිටියාය. ඇය පවසන්නේ පාසල් ළමුන් මාර්ගයෙන් කොරෝනා අනෙකුත් පාසල් ළමුන් වෙතත් පවුල් හරහා සමාජය වෙතත් පැමිණිය හැකි බවයි.

මෙලෙස හදිසියේම ආසාදිතයන්ගේ වැඩිවීමට හේතුව ‍ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම විය හැකි බවත ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.

එම සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා පවසන්නේ හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයන්ට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටින බවයි. එමෙන් ම ඔවුන්ගෙන් එම ප්‍රභේදය පැතිරීමට හැකි බව ද හෙතෙම පෙන්වාදෙයි.

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පෙන්වා දෙන්නේ මෙම සතිය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 1,000ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

මෙවැනි තත්තවයක් තුළ ඉදිරි සති දෙක ඉතාමත් අවදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිිත පුරුදු දැඩිව පිළිපැදීම අත්‍යාවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය. ඉදිරි සති දෙකතුළ කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව ද ඇය පවසයි.

එමෙන් ම වෛද්‍ය ගල්හේන පෙන්වාදෙන්නේ එන්නත් ලබාගැනීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන්ගේ සංකූලතා අඩුවන බවත් අසාධ්‍ය නොවන බවටත් ඇති පිළිගැනීම හේතුවෙන් බොහෝ දෙනකු මේ වනවිට ආසාදනය වුව ද වෛද්‍ය උපදෙස් නොනෙ නිවෙස්වලට වී සිටින බව යි. මෙය ඉතාමත් භයානක සහ නරක ප්‍රතිඵල අත්විය හැකි තත්වයක් බැවින් එන්නත් ගැන විශ්වාසයක් තැබුව ද වෛවද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යාවශ්‍ය බව ද ඇය කීවාය.

කොරෝනා බූස්ටර් එන්නත් පවා ලබාගෙන තිබුණ ද ‍කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ද ඇය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles