-2.1 C
New York

“පයින් යනවාද ? අඳුරේ ඉන්නවා ද ?” ගම්මම්පිල ඇත්ත හෙළිකරයි

Published:

ඉදිරියේ දී රටතුළ දැඩි ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිළ පවසයි.

ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නොලැබුණහොත් මේ අර්බුදය තවදුරටත් උග්‍රවන බව හෙතෙම පවසයි.

එමෙන්ම ප්‍රවාහන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහා ඉතාමත් අසීරුවෙන් ඉන්ධන පිරිමසා ගන්නා තත්වයක් තුළ විදුලි උත්පාදනයට ඉන්ධන ලබාදීම ගැටලුවක් බව අමාත්‍යවරයා පවසයි.

“මාස තුනකට ඉස්සෙල්ලා අපි ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නා මේ තත්වය. අපි ඉන්ධන අවශ්‍යතා පිරිමසාගැනීමට ඩොලර් සොයාගන්නේ අමාරුවෙන්. විදුලි උත්පදානයට දැවි තෙල් හෝ ඩීසල් අවශ්‍යවෙනවානම් ඒ ගැන කලින් දැනුම්වත් කළ යුතුයි. අපිට දැන් ඉන්ධන තොග පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඒ වගේම ‍ඉන්ධන අවශ්‍යනම් අපිට ඩොලර් සපයා දිය යුතුයි. විදුලිබල මණ්ඩලය කියා තිබුණේ විදුලි ජනනය සඳහා ඉන්ධන අවශ්‍ය වන්නේ ජනවාරි අවසානයේ සිට ඉදිරියට කියා. නමුත් ජනවාරි 07 වැනිදා අපෙන් දවසකට දැවි තෙල් මෙට්‍රික්ටොන් 3,500ක් බැගින් ඉල්ලුවා. ඒක ජනවාරි 22 වැනි දා දක්වා දෙන්න පුළුවන්. ජනවාරි 11 වැනි දා කියනවා 13 වැනි දා සිට මෙට්‍රික් ටොන් 1,500 බැගින් අවශ්‍යයි කියලා. අපිට ඒ විදියට දෙන්න හැකියාවක් නැහැ. අපිට ඩොලර් සපයනවානම් ඉන්ධන ගෙනවිත් දෙන්නම් නැතිනම් මේ ප්‍රශ්නය දරාගන්න වෙනවා අඩුම ගණනේ ඉන්ධන ගෙනවිත් දීමට දින 30ක් ගත වෙනවා.”

Related articles

Recent articles

spot_img